ලාංකික සංචාරකයින් ඇතුලු රටවල් 16කට සංචාරක තහනමක්

මෙරට තුළ ශීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ හොංකොං රාජ්‍යය එරටට ඇතුළු වන රටවල් 16ක සංචාරකයින් සඳහා දැඩි සීමා පනවා තිබෙනවා.

ඒ එරට තුළ මතුවිය හැකි කොරෝනා ඩෙල්ටා ප්‍රභේදයේ වෛරස ව්‍යාප්තියක් පිළිබඳ අවදානම පහකරගැනීම සඳහා යි.

මේ අනුව ශ්‍රී ලංකාව මැදි අවදානම් තත්ත්වයේ සිට දැඩි අවදානම් තත්ත්වය දක්වා ශ්‍රේණිගත කර ඇති අතර එරට සංචාරකයින්ට ද ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ දී මෙම සීමාවන් අදාල වනු ඇති.

මෙම නව නිර්ණායක අනුව හොංකොං රාජ්‍යය නම් කර ඇති රටවල් 16න් එරටට ඇතුළු වන සංචාරකයින් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටිය යුතු වන අතර දින 21ක නිරෝධායන කාලයකට ද යටත් විය යුතු වනවා.

එම රටවල් 16 වන්නේ මහා බ්‍රිතාන්‍යය, බංගලාදේශය, කාම්බෝජය, ප්‍රංශය, ග්‍රීසිය, ඉරානය, මැලේසියාව, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, ස්විස්ටර්ලන්තය, ටැන්සානියාව, තායිලන්තය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඇමරිකා එක්සත් ජනපදයයි.

මේ අතර ඕස්ට්‍රේලියාව පහල අවදානම් මට්ටමේ සිට මැදි අවදානම් මට්ටම දක්වා ශ්‍රේණිගත කිරීමක් ද සිදු කර තිබෙනවා.

මෙම නව සංචාරක උපදෙස් සිකුරාදා සිට ක්‍රියාත්මක වන බවයි මැකාවු පෝස්ට් පුවත්පත වාර්තා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16