AFC Banner
Empty Ad
Empty Ad

ලයිසන් තුවක්කු ගැන යළි සිහි කැඳවීමක්

සිවිල් පුද්ගලයින් සඳහා නිකුත් කර ඇති සියලුම ගිනි අවි සහ පතොරම් නොවැම්බර් 07 වන දින පෙරවරු 4.00ට පෙර භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය යළි අවධාරණය කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජීවිතාරක්ෂාව සඳහා නිකුත් කර ඇති ගිනි අවි සහ ඔවුන්ට මිලදී ගැනීමට අවසර දුන් රිපීටර් වර්ගයේ ගිනි අවි ද යළි භාර දිය යුතු බවයි එම අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ.

මේ අතර ගෙවුණු කාලය තුළ පුද්ගලයින් 1,500 දෙනෙකුට ගිනි අවි 1,690ක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මින් ඉදිරියට ගිනි අවි නිකුත් කිරීමට කටයුතු කරන්නේ ට බුද්ධි අංශ වාර්තා මත පදනම්ව බවයි ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

සියලුම ගිනි අවි බලපත්‍රලාභීන් තම ගිනි අවි සහ පතොරම් නොවැම්බර් 07 වැනිදාට පෙර වැලිසර රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩා මධ්‍යස්ථානයට භාර දිය යුතු බවයි ආරක්ෂක අමාත්‍යාංශය පසුගිය 04 වනදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

කෙසේ වෙතත් දේපළ ආරක්ෂාව, වගා හානි ආරක්ෂාව සහ ක්‍රීඩා කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර ඇති ගිනි අවි මීට අදාළ නොවන බවයි දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?