ලයිසන් තුවක්කු ගැන යළි සිහි කැඳවීමක්

සිවිල් පුද්ගලයින් සඳහා නිකුත් කර ඇති සියලුම ගිනි අවි සහ පතොරම් නොවැම්බර් 07 වන දින පෙරවරු 4.00ට පෙර භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය යළි අවධාරණය කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජීවිතාරක්ෂාව සඳහා නිකුත් කර ඇති ගිනි අවි සහ ඔවුන්ට මිලදී ගැනීමට අවසර දුන් රිපීටර් වර්ගයේ ගිනි අවි ද යළි භාර දිය යුතු බවයි එම අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ.

මේ අතර ගෙවුණු කාලය තුළ පුද්ගලයින් 1,500 දෙනෙකුට ගිනි අවි 1,690ක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මින් ඉදිරියට ගිනි අවි නිකුත් කිරීමට කටයුතු කරන්නේ ට බුද්ධි අංශ වාර්තා මත පදනම්ව බවයි ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

සියලුම ගිනි අවි බලපත්‍රලාභීන් තම ගිනි අවි සහ පතොරම් නොවැම්බර් 07 වැනිදාට පෙර වැලිසර රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩා මධ්‍යස්ථානයට භාර දිය යුතු බවයි ආරක්ෂක අමාත්‍යාංශය පසුගිය 04 වනදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

කෙසේ වෙතත් දේපළ ආරක්ෂාව, වගා හානි ආරක්ෂාව සහ ක්‍රීඩා කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර ඇති ගිනි අවි මීට අදාළ නොවන බවයි දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට තද වැසි - වතු නිවාස රැසක් යටවෙයි
01:03
Video thumbnail
විපක්ෂ නායක සජිත් ICRC නියෝජිත ප්‍රධානීන් හමුවෙයි
00:47
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25