ජංගම යෙදුමක් හරහා ලිංගික ක්‍රියාවන් සජීවීව විකාශය කළ බවට වූ චෝදනාවක් මත යුවළක් අත්අඩංගුවට ගැනුණු පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
හයිද්‍රාබාද්හිදී 41 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ 37 හැවිරිදි බිරිඳ ඊයේ (26) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි එම වාර්තාවල දැක්වුණේ.
මුදල් ඉපැයීමේ අරමුණින් මෙම යුවළ මෙලෙස ඔවුන්ගේ ලිංගික ක්‍රියාවන් ජංගම යෙදුමක් හරහා සජීවීව විකාශය කර ඇති බවයි වාර්තා වන්නේ.
මොවුන් විසින් සජීවී වීඩියෝවක් සඳහා එක අයෙකුගෙන් රුපියල් 2,000ක මුදලක් අයකර ඇති අතර, පටිගත කළ වීඩියෝවක් රුපියල් 500ක මුදලකට අලෙවි කර තිබෙනවා.
ඔවුන්ගේ එම ලිංගික ක්‍රියාවන් අතරතුර ඔවුන් තම අනන්‍යතාවය සැඟවීමට වෙස් මුහුණු පැළඳ සිට ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර අත්අඩංගුවට ගැනුණු සැකකාර යුවළගේ නිවස පරික්ෂා කිරීමේ දී එහි තිබී අධි විභේදන කැමරා ඇතුළු උපකරණ කිහිපයක් ද සොයාගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.
පහසුවෙන් මුදල් උපයා ගැනීමේ මාර්ගයක් ලෙස මෙම ක්‍රියාවෙහි නිරත වූ බවය මොවුන් විසින් පිළිගෙන ඇති අතර,සැකකාර සැමියා කුලී රථ රියදුරෙක් බවයි වාර්තා වන්නේ.




