ලයිව් එනවා නම් 2000යි, කලින් වීඩියෝ කරපු එකක් නම් 500යි – අඹුසැමි යුවළගේ ජාවාරම මාට්ටු

ජංගම යෙදුමක් හරහා ලිංගික ක්‍රියාවන් සජීවීව විකාශය කළ බවට වූ චෝදනාවක් මත යුවළක් අත්අඩංගුවට ගැනුණු පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

හයිද්‍රාබාද්හිදී 41 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ 37 හැවිරිදි බිරිඳ ඊයේ (26) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි එම වාර්තාවල දැක්වුණේ.

මුදල් ඉපැයීමේ අරමුණින් මෙම යුවළ මෙලෙස ඔවුන්ගේ ලිංගික ක්‍රියාවන් ජංගම යෙදුමක් හරහා සජීවීව විකාශය කර ඇති බවයි වාර්තා වන්නේ.

මොවුන් විසින් සජීවී වීඩියෝවක් සඳහා එක අයෙකුගෙන් රුපියල් 2,000ක මුදලක් අයකර ඇති අතර, පටිගත කළ වීඩියෝවක් රුපියල් 500ක මුදලකට අලෙවි කර තිබෙනවා.

ඔවුන්ගේ එම ලිංගික ක්‍රියාවන් අතරතුර ඔවුන් තම අනන්‍යතාවය සැඟවීමට වෙස් මුහුණු පැළඳ සිට ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර අත්අඩංගුවට ගැනුණු සැකකාර යුවළගේ නිවස පරික්ෂා කිරීමේ දී එහි තිබී අධි විභේදන කැමරා ඇතුළු උපකරණ කිහිපයක් ද සොයාගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

පහසුවෙන් මුදල් උපයා ගැනීමේ මාර්ගයක් ලෙස මෙම ක්‍රියාවෙහි නිරත වූ බවය මොවුන් විසින් පිළිගෙන ඇති අතර,සැකකාර සැමියා කුලී රථ රියදුරෙක් බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිඹුලෙකුට ගොඳුරු වූ තරුණයා - නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:47
Video thumbnail
නීතිඥ සංගමය, වෘත්තීය සංගම් අලුත් කඩේ අධිකරණය වටලයි - අනුරගේ ආණ්ඩුවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළා
09:03
Video thumbnail
පියංකර ජයරත්න වැලිකඩ බන්ධනාගාරයට
00:39
Video thumbnail
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නලින්ද ආයාචනා කරයි - විපක්ෂය උද්ඝෝෂණ කළාට අපිට දැනෙන්නේ නෑ
06:33
Video thumbnail
මන්ත්‍රී කාවින්දගේ නිවස පිටුපසින් අත්බෝ#බයක් හමුවෙයි
00:33
Video thumbnail
නාමල් ලි#ගික අල්ලස ගත්තේ නෑ - නාමල් නිර්දෝශියි
06:03
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:12:47
Video thumbnail
ආණ්ඩුවේ රැළිවලට යන වියදම දරන්නේ රටේ ජනතාවගේ මුදල්වලින්ද ?NPP එක වියදම් දරන්නේ
02:01
Video thumbnail
වසර 7කට හිරේට ගිය පියංකර ගැන නලින්ද කට අරියි - දැනට පවතින නීතිය අනුව වැඩ වෙන්නේ
03:02
Video thumbnail
ක්‍රීඩා පිටි නොදුන් නිසා පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?දෙකයි පනහේ වැඩ කරන්න එපා
10:05