ලයනල් මෙසීගෙන් අගමැති මෝදිට උපන්දින තෑග්ගක්

ලෝකයේ මෙතෙක් බිහි වූ විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයෙක් ලෙස ලෝකය පුරාවට ඉමහත් ප්‍රේක්ෂක ආදරයක් දිනාගෙන සිටින සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ උපන්දිනය වෙනුවෙන් ඔහුට ත්‍යාගයක් පිරිනමා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ 75 වන උපන්දිනය ඊයේ (17) දිනයට තිබූ අතර ඒ වෙනුවෙන් ලයනල් මෙසී විසින් 2022 ලෝක කුසලානයේදී ඔහු පැළඳි ජර්සියක්, ඔහුගේ අත්සනින් යුතුව නරේන්ද්‍ර මෝදී වෙත යවා ඇති බවයි වාර්තා වන්නේ.

ලයනල් මෙසී විසින් මෙම වසරේ දෙසැම්බර් මාසයේ 13 වැනිදා ඉන්දියාවට සංචරක් සඳහා පැමිණීමට නියමිත අතර ඔහු දින තුනක් ඉන්දියාවේ රැඳී සිටීමට නියමිතයි.

එම සංචාරයට සමගාමිව මෙම උපන්දින තිළිණය මෝදි වෙත මෙසී විසින් පිරිනමා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?