ලබන වසරේදී විදුලි බලාගාර ක්‍රියාත්මක කරන්න වෙන්නේ ඩීසල්වලින් (වීඩියෝ)

ලබන වසරේදී මෙරට විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට සිදුවන්නේ ඩීසල්වලින් බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී නරේන්ද්‍ර ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

එල්.එන්.ජී. බලාගාරවලට යොමු වී විදුලිය නිෂ්පාදනය කළේ නම් රුපියල් 50කට ලබාගත හැකිව තිබූ විදුලි ඒකකයක්, ඩීසල්වලින් නිෂ්පාදනය කිරීම සඳහා මේ වනවිට රුපියල් 94 ක් වැයවන බවත් ඔහු කියා සිටියා.

ඒ, මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේදී අදහස් දක්වමින්.

රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (08) දින රැස්වුණේ එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?