AFC Banner
AFC Banner
Empty Ad

ලන්දේසීන් පැරදූ භාරතය අපරාජිත ගමනක

එක්දින ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයෙන් දැවැන්ත ජයක් ලබන්නට සත්කාරක ඉන්දීය කණ්ඩායමට අද (12) හැකියාව ලැබුණා.

මෙම තරගයේ ප්‍රතිවාදීන් වූ නෙදර්ලන්තය පරාජය කරමින් ඉන්දීය පිළ ජයගත්තේ ලකුණු 160කින්.

බෙංගලෝර් හි එම් චින්නස්වාමි ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලු 04ක් පමණක් දැවී ලකුණු 410ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවට එක් කළා.

එහිදී ඉන්දීය ඉනිම වෙනුවෙන් ලෝකේශ් රාහුල් සහ ශ්‍රෙයාස් අයියර් ශතක රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළට ඔසවා තබන්නට දායකත්වය ලබාදුන්නා.

ඊට අමතර ශුම්බන් ගිල්, රෝහිත් ශර්මා සහ විරාට් කෝලි අර්ධ ශතක රැස් කිරීමට සමත් වුණා.

නෙදර්ලන්තය වෙනුවෙන් වැඩිම කඩුලු ලාභියා වූයේ බස් ද ලීඩ්, ඔහු ලකුණු 82කට කඩුලු දෙකක් බිඳ දැමුවා.

අනතුරුව පිළිතුරු ඉනිම ආරම්භ කළ නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 47යි පන්දු 05ක් තුළ සියල්ලන් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 250ක් පමණයි.

නෙදර්ලන්ත ඉනිම වෙනුවෙන් සයිබ්‍රෑන්ඩ් එංගල්බ්‍රෙක්ට් ලකුණු 45ක් රැස්කළ අතර තේජා නිදමනුරු ලකුණු 54ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී කුල්දීප් යාදෙව් කඩුලු 02ක්, රවීන්ද්‍ර ජඩේජා කඩුලු 02ක්, මොහොමඩ් සිරාජ් කඩුලු 02ක් සහ ජස්ප්‍රිත් බුම්රා කඩුලු 02ක් බිද දැමුවා.

මෙම තරගයේ දී ශුම්බන් ගිල්, සූර්යකුමාර් යාදෙව් සහ විරාට් කෝලි පන්දු යවන්නන් ලෙස රෝහිත් ශර්මා යොදාගත් ආකාරය දැකගත හැකි වුණා.

එහිදී කෝලි සිය 05 වන ජාත්‍යන්තර එක්දින කඩුල්ල දවාගැනීමට සමත්වීම ද විශේෂත්වයක්.

ඉන්දීය පිළේ මෙම ජයත් සමඟ මෙවර තරගාවලියේ මූලික වටයේ ක්‍රීඩාකළ තරග නවයම ජයගෙන අපරාජිතව අවසන් පුර්ව වටයට යාමට ඉන්දීය කණ්ඩායමට හැකියාව හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?