ලන්දේසීන් පැරදූ භාරතය අපරාජිත ගමනක

එක්දින ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයෙන් දැවැන්ත ජයක් ලබන්නට සත්කාරක ඉන්දීය කණ්ඩායමට අද (12) හැකියාව ලැබුණා.

මෙම තරගයේ ප්‍රතිවාදීන් වූ නෙදර්ලන්තය පරාජය කරමින් ඉන්දීය පිළ ජයගත්තේ ලකුණු 160කින්.

බෙංගලෝර් හි එම් චින්නස්වාමි ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලු 04ක් පමණක් දැවී ලකුණු 410ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවට එක් කළා.

එහිදී ඉන්දීය ඉනිම වෙනුවෙන් ලෝකේශ් රාහුල් සහ ශ්‍රෙයාස් අයියර් ශතක රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළට ඔසවා තබන්නට දායකත්වය ලබාදුන්නා.

ඊට අමතර ශුම්බන් ගිල්, රෝහිත් ශර්මා සහ විරාට් කෝලි අර්ධ ශතක රැස් කිරීමට සමත් වුණා.

නෙදර්ලන්තය වෙනුවෙන් වැඩිම කඩුලු ලාභියා වූයේ බස් ද ලීඩ්, ඔහු ලකුණු 82කට කඩුලු දෙකක් බිඳ දැමුවා.

අනතුරුව පිළිතුරු ඉනිම ආරම්භ කළ නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 47යි පන්දු 05ක් තුළ සියල්ලන් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 250ක් පමණයි.

නෙදර්ලන්ත ඉනිම වෙනුවෙන් සයිබ්‍රෑන්ඩ් එංගල්බ්‍රෙක්ට් ලකුණු 45ක් රැස්කළ අතර තේජා නිදමනුරු ලකුණු 54ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී කුල්දීප් යාදෙව් කඩුලු 02ක්, රවීන්ද්‍ර ජඩේජා කඩුලු 02ක්, මොහොමඩ් සිරාජ් කඩුලු 02ක් සහ ජස්ප්‍රිත් බුම්රා කඩුලු 02ක් බිද දැමුවා.

මෙම තරගයේ දී ශුම්බන් ගිල්, සූර්යකුමාර් යාදෙව් සහ විරාට් කෝලි පන්දු යවන්නන් ලෙස රෝහිත් ශර්මා යොදාගත් ආකාරය දැකගත හැකි වුණා.

එහිදී කෝලි සිය 05 වන ජාත්‍යන්තර එක්දින කඩුල්ල දවාගැනීමට සමත්වීම ද විශේෂත්වයක්.

ඉන්දීය පිළේ මෙම ජයත් සමඟ මෙවර තරගාවලියේ මූලික වටයේ ක්‍රීඩාකළ තරග නවයම ජයගෙන අපරාජිතව අවසන් පුර්ව වටයට යාමට ඉන්දීය කණ්ඩායමට හැකියාව හිමි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37