ලක්ෂ 890ක මූල්‍ය වංචාව ඩිලාන් යටවර නමැත්තාගේ වැඩක් – ආචාර්ය තියංගි ජයතිලකගෙන් හෙළිදරව්වක් (වීඩියෝ)

මෙරට ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක ආචාර්යවරියක් යැයි පවසන තැනැත්තියක් ඇතුළු තවත් තිදෙනෙකු විසින් නවසීලන්තයේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසා, විවිධ පුද්ගලයන්ගෙන් මුදල් වංචා කර ඇති බවට චෝදනා කරමින්, අසාධාරණයට ලක් වූ පිරිසක් ඊයේ (16) පෙරවරුවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් එම චෝදනාවට ලක් වූ ආචාර්යවරිය විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඇය දසත ප්‍රවෘත්ති අංශය වෙත සඳහන් කර සිටියේ; මෙම මූල්‍ය වංචාව ඩුබායි රාජ්‍යයේ මේ වනවිට (අප්‍රේල් 17) ජීවත් වන ඩිලාන් යටවර නමැත්තෙකු විසින් වංචනික ලෙස මෙහෙයවන බවයි.

සමාජයේ යම්කිසි විෂයය ක්ෂේත්‍රයක ගෞරවාදරයට සහ ප්‍රසිද්ධත්වයට පත් වූ චරිතයක් තෝරා ගනිමින් ඩිලාන් යටවර නමැත්තා විසින් මෙම වංචාව සිදු කර ඇති බවයි ආචාර්ය තියංගි ජයතිලක මහත්මිය පවසන්නේ.

ඩිලාන් යටවර නමින් පෙනී සිටින මෙම තැනැත්තාව ඔහුගේ පර්‍යේෂණයක් තමන් විසින් සිදු කරනු ලැබීම හේතුවෙන් දැන හැඳුනුම්කමක් තිබූ බවත්, එහෙත් අදාළ ව්‍යාපෘතිය ගැන තමන් දැනුම්වත් ව සිටිය ද මෙය වංචාවක් බවට නොදැන සිටි බව ද තියංගි ජයතිලක මහත්මිය පවසනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ජනතාවගෙන් මුදල් එකතු කර ලබාදීමේ දී තමන් අතරමැදියෙක් ලෙස කටයුතු කළ ද ඊට ඉහත ස්ථරය සම්බන්ධයෙන් දැනුම්වත් ව නොසිටි බවයි ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඩිලාන් යටවර නමැත්තා විසින් සිය අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් මෙම මූල්‍ය වංචාවට යොදාගෙන ඇති බවට ආචාර්‍යයවරිය චෝදනා කරනවා.

මෙතුළින් මිනිසුන් සමග තමන් ගොඩනගාගෙන සිටි ප්‍රතිරූපයට මෙන් ම ගෞරවයට දැඩි හානි එල්ල වීම හේතුවෙන් අදාළ සැකකරුව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද පැමිණිලි දෙකක් ගොනු කර ඇති බවයි ජයතිලක මහත්මිය සඳහන් කළේ.

මෙම මූල්‍ය වංචාව චේතනාන්විත ව ඩිලාන් යටවර නමැත්තා විසින් සිදු කර ඇත්තේ අලෙවිකරණය කිරීමට තම තනතුරු – නාම භාවිත කරමින් බවත් මුදල් විශුද්ධීකරණ ක්‍රියාවලියක අදාළ පුද්ගලයා යෙදී ඇති බවත් ඉන් තමන්ගේ පෞද්ගලික හා වෘත්තීයභාවයට අගතියක් හා අපහාසයක් සිදු වී ඇති බවත් මූල්‍ය වංචාවට හසු වූ ජනතාවගේ මුදල් යළි ලබා ගැනීමට තමන් නීතිය පාර්ශ්වයෙන් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක් ම ගන්නා බව ද ආචාර්‍ය තියංගි ජයතිලක මහත්මිය කියා සිටියා.

ආචාර්ය තියංගි ජයතිලක, ගයා සංජීව කරුණාතිලක සහ ශිරානි ප්‍රියදර්ශනී ජයසිංහ යන අය මෙලෙස නවසීලන්තයේ විදේශ රැකියා ලබාදෙන බව පවසා 80 දෙනෙකුගෙන් පමණ මුදල් ලබාගෙන විදේශගත නොකර ඔවුන් මග හරිමින් සිටින බව‍ටයි ඊයේ දින ජාවාරමට හසු වූ පිරිස් විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයට කරන ලද පැමිණිල්ලේ දැක්වෙන්නේ.

මේ වන විට රුපියල් ලක්ෂ 890ක පමණ මුදලක් මොවුන් වංචා කර ඇති බව විදෙස්ගත වීමට නොහැකි වූ පිරිස් චෝදනා කර සිටිනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ කඩිනමින් මෙම පිරිස් නීතියට හසුකරගෙන තම මුදල් නැවත ලබාදීමට කටයුතු කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22