Empty Ad
AFC Banner
Empty Ad

ලක්ෂ 75කට ආසන්න හෑෂ් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ හැත්තෑ පහකට ආසන්න වටිනාකමකින් යුත් හෑෂ් මත්කුඩු තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර – අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු බවයි.

පොලිසියට ලද තොරතුරක් මත පානදුර පාලම ආසන්නයේ දී සැකකරු පරීක්ෂා කිරීමේ දී පොලිතින් බෑගයක සඟවාගෙන සිටි හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි, ග්‍රෑම් 870ක්, ජාවාරමට යොදාගත් ජංගම දූරකථන ද සොයාගෙන තිබෙනවා.

විදෙස්‍ රටක සැඟව සිටින බව කියන ප්‍රබල ජාවාරම්කරුවෙකුට අයත් මත්ද්‍රව්‍ය බවට හඳුනාගෙන ඇති බවත් රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවත් පොලිසිය පවසනවා.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?