AFC Banner
Empty Ad
Empty Ad

ලක්ෂ 15ක දුම්වැටි තොගයක් අල්ලයි

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයට අනුයුක්ත ගුවන්තොටුපළ බුද්ධි කොට්ඨාශයට ලද තොරතුරක් මත ගුවන්තොටුපළ පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහළොවකට අධික දුම්වැටි තොගයක් ගුවන් තොටුපළ පරිශ්‍රයේදී අද (04) උදෑසන පොලිස් භාරයට ගනු ලැබුවා.

තබ්බෝව පළුගස්වැව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මෙසේ ඩුබායි රාජ්‍යයේ සිට මෙම දුම්වැටි තොගය රැගෙන ඇවිත් ඇති බවයි වාර්තා වන්නේ.

ඩුබායි රාජයේ සිටි කිසියම් පුද්ගලයකු විසින් මෙම දුම්වැටි තොගය රැගෙන ඒමට උපදෙස් ලබා දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම ඩුබායි රාජ්‍යයේ සිටින පුද්ගලයා කලක සිට මෙසේ දුම්වැටි විවිධ පුද්ගලයන් ලබාදී මෙරටට රැගෙන ඇවිත් ඇති අතර මෙම පුද්ගලයා සොයා ඉදිරි විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?