ලක්ෂ 15ක දුම්වැටි තොගයක් අල්ලයි

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයට අනුයුක්ත ගුවන්තොටුපළ බුද්ධි කොට්ඨාශයට ලද තොරතුරක් මත ගුවන්තොටුපළ පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහළොවකට අධික දුම්වැටි තොගයක් ගුවන් තොටුපළ පරිශ්‍රයේදී අද (04) උදෑසන පොලිස් භාරයට ගනු ලැබුවා.

තබ්බෝව පළුගස්වැව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මෙසේ ඩුබායි රාජ්‍යයේ සිට මෙම දුම්වැටි තොගය රැගෙන ඇවිත් ඇති බවයි වාර්තා වන්නේ.

ඩුබායි රාජයේ සිටි කිසියම් පුද්ගලයකු විසින් මෙම දුම්වැටි තොගය රැගෙන ඒමට උපදෙස් ලබා දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම ඩුබායි රාජ්‍යයේ සිටින පුද්ගලයා කලක සිට මෙසේ දුම්වැටි විවිධ පුද්ගලයන් ලබාදී මෙරටට රැගෙන ඇවිත් ඇති අතර මෙම පුද්ගලයා සොයා ඉදිරි විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32