රුපියල් විසි ලක්ෂ තිස්අට දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ බීඩි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් අද (17) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා මතුගම, වලල්ලාවිට ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි වියේ පසුවන අයෙක්.
මෙම පුද්ගලයා අද (17) අලුයම 12.40ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6ඊ – 1173 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු 04ක් තුළ සෙල්ලම් බඩු, සාරි, කමිස ඇතුළු භාණ්ඩ අතර සඟවා ගෙන මෙම දුම්වැටි සහ බීඩි තොගය ගෙනවිත් තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු ලබන 21 වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



