ලංගම සහ පෞද්ගලික බස් ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මක කිරීම අද සිට

ලංගම සහ පුද්ගලික දුරගමන් බස් රථ සඳහා ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මක කිරීම අද (25) සිට ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව දැනුම් දෙනවා.

ඒ, අනුව මාර්ග කිහිපයක මෙලෙස ඒකාබද්ධ කාලසටහනක් යටතේ බස් රථ ධාවනය අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වනවා.

කොළඹ – හලාවත, කොළඹ – පුත්තලම, කොළඹ – ආනමඩුව, කොළඹ -එළුවන්කුළම, කොළඹ – කල්පිටිය, මීගමුව – කල්පිටිය, කොළඹ – මන්නාරම, කොළඹ – තලෙයිමන්නාරම, කොළඹ – කුලියාපිටිය, කොළඹ – නිකවැරටිය, කොළඹ – කුලියාපිටිය, කොළඹ – අනුරාධපුර, කොළඹ – වව්නියාව, කොළඹ – කිලිනොච්චිය, කොළඹ – යාපනය, කොළඹ – කන්කසන්තුරේ, කොළඹ – කරෙයිනගර්, කොළඹ – තුන්නුක්කායි යන ගමන් මාර්ග වල ධාවන වන බස් රථ සඳහා මෙලෙස ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය ක්‍රියාත්මක කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?