AFC Banner
AFC Banner
Empty Ad

ලංගම බස් රියක් අනතුරකට ලක් වෙයි – දෙදෙනකු රෝහලට

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලංගොඩ – සමනල වැව පොලිස් බල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම අනතුර අද (05) සිදු ව ඇත්තේ පුවක්ගහවෙල ප්‍රදේශයේ දී බවයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථයක ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් බස්රථය මාර්ගයෙන් ඉවතට පැන ත්‍රීරෝද රථයක සහ වෙළෙඳසැලක ගැටී අනතුරට ලක් වුණා.

අනතුරින් තුවාල ලබා ඇත්තේ ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයෙකු සහ බස් රථයේ රියදුරු බවයි පොලිසිය පැවසුවේ.

තුවාලකරුවන් මේ වනවිට ප්‍රතිකාර සඳහා බලංගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?