spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලංගම බස් රථයෙන් බිමට වැටී දිවි තොර වෙයි

ඊයේ (15) දින සවස් කාලයේ නව කුරුඳුවත්ත පොලිස් වසමේ නාවලපිටිය දොළොස්බාගේ මාර්ගයේ මොන්ටක්‍රිස්ටෝ විද්‍යාලය අසලදී නාවලපිටිය දෙස සිට දොළෙස්බාගේ දෙසට ධාවනය වූ ලංගම බස් රථයක ගමන්කළ පාසල් ළමයකු බස් රථයෙන් බිමට වැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පාසල් ළමයා නාවලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙන අතර මියගිය ළමයා අවුරුදු 16 ක් වන හිල්පන්කදුන, උඩහේන්තැන්න ප්‍රදේශයේ පදිංචි අයෙක්.

අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසනවා.

මෘත ශරීරය නාවලපිටිය රොහලේ තැන්පත් කර ඇති අතර නව කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?