spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කපුවෙක්ට සහ බිරිඳට නාකොටික් කොස්තාපල් ගුටි දීලා

ගලෙන්බිඳුනුවැව, හිඹුටුගොල්ලෑව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන දේවාලක සේවය කරන කපුමහතෙකුට සහ ඔහුගේ බිරිඳ පහරදීමේ සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගලෙන්බිඳුනුවැව පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙක් සහ ඔහුගේ සහෝදරයා බවයි වාර්තා වන්නේ.

මොවුන් දෙදෙනා තම මවට ශාන්ති කර්මයක් කරගැනීම සඳහා කපුමහතා රැගෙන යෑමට යතුරුපැදියකින් පැමිණ ඇති අතර එහිදී ඇතිවූ ආරවුලක් මත මෙම පහරදීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව ගම්වාසීන් විසින් එම පුද්ගලයන් දෙදෙනා රඳවාගෙන පොලිස් හදිසි ඇමතුම් අංකයට දුරකථන ඇමතුමක් ලබා දී පොලිස් නිලධාරීන් එහි පැමිණි පසු සැකකරුවන් දෙදෙනා පොලිසියට භාර දී තිබෙනවා.

පහරකෑමට ලක් වූ කපුමහතා සහ ඔහුගේ බිරිඳ ගලෙන්බිදුණුවැව මූලික රෝහල ඇතුළත් කර ඇති අතර, බිරිඳ මේ වනවිට නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?