ලංකාවේ පිරිමි ළමුන් එංගලන්තයට පටවන ජාවාරමක් ගැන තොරතුරු එළියට

දැනට එංගලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකික මවකගේ සහ ඇයගේ පුතාගේ තොරතුරු අනුසාරයෙන් ව්‍යාජ ලියකියවිලි සකස් කර වෙනත් කාන්තාවක යොදා ගෙන පිරිමි ළමයෙක් එංගලන්තට රැගෙන යෑමට ගත් කූඨ උත්සාහයක් ව්‍යර්ථ වී තිබෙනවා.

ඒ, මෙම ජාවාරමට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙකු පසුගිය දා (26) කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීමත් සමඟයි.

මුලතිව් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්, පිරිමි දරුවෙකු ද සමඟ පසුගිය 26 වන දින ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 503 දරණ ගුවන් යානයෙන් එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී සිය ගුවන් සේවා නිශ්කාශන කටයුතු සිදුකර ගැනීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවා කවුළුව වෙත පැමිණ සිටියදී , එම ගුවන් සේවා නිලධාරිනියන්ට මෙම ලියකියවිලි පිළිබඳව ඇති වූ සැකය මත මොවුන් දෙදෙනා ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමුකර තිබෙනවා.

එහිදී සිදුකළ තාක්ෂණික පරීක්ෂා කිරීම්වල දී මෙම ලියකියවිලි කූඨ ලෙස සකස් කළ ඒවා බව නිලධාරීන් විසින් තහවුරු කරගෙන තිබෙනවා.

පසුව මෙම පිරිමි දරුවා පසෙකට රැගෙන ගොස් මේ පිළිබඳව විමසීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබූ අතර, එහිදී මෙම දරුවා මේ පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කර ගැනීමට නිලධාරීන්ට හැකි වී ඇති බව සඳහන්.

ඔහුගේ සත්‍ය මව මේ වනවිටත් කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ රැදී සිටින බව ද දරුවා එම නිලධාරීන් හමුවේ පවසා තිබෙනවා.

ඒ, අනුව වහාම ක්‍රියාත්මක වූ මෙම නිලධාරීන් ඔහුගේ මව සොයා ගොස් අත්අඩංගුවට ගෙන මේ පිළිබඳ වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

එහිදී ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින දැඩි ආර්ථික දුෂ්කරතා හේතුවෙන් තම පවුල දැඩි අපහසුතාවලට ලක් වී ඇති බවත් , එම නිසා තම දරුවාගේ අනාගත සුභ සිද්ධිය උදෙසා මේ ආකාරයෙන් දරුවා විදෙස් ගත කිරීමට උත්සාහ ගත් බව ඇය පවසා තිබෙනවා.

මෙම කාන්තාවන් දෙදෙනාම මුලතිව් ප්‍රදේශයේ පදිංචිකාරිනියන් වන අතර, ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා ඔවුන්ව කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

එම විමර්ශනවල දී එංගලන්තයේ වාසය කරන පුද්ගලයෙකු විසින් තම බිරිඳගේ සහ පුතාගේ තොරතුරු ඇතුළත් කර විදෙස් ගමන් බලපත්‍ර ඇතුළු අනෙකුත් ලියකියවිලි සකස් කර මේ ආකාරයට ශ්‍රී ලාංකික පිරිමි දරුවන් එංගලන්තය වෙත රැගෙන ගොස් මිනිස් ජාවාරම් කිරීමේ ව්‍යාපාරයක පවත්වා ගෙන යමින් සිටින බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14