spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කරඳගොල්ලේ නායයෑම් අවදානම ගැන ආරක්ෂක රාජ්‍ය ඇමති වාර්තාවක් ඉල්ලයි

ඇල්ල – වැල්ලවාය මාර්ගය ආසන්නයේ කරඳගොල්ල ප්‍රදේශයේ පසුගිය 21 වන දින ඇති වූ නායයෑම් පූර්ව ලක්‍ෂණ තත්ත්වය පිළිබඳ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් විසින් කඩිනම් සවිස්තරාත්මක වාර්තාවක් ලබාදෙන ලෙස දන්වා තිබෙනවා.

අදාළ ස්ථානය පරීක්‍ෂා කර මෙම වාර්තා ලබා දෙන ලෙසයි රාජ්‍ය අමාත්‍යවරයා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බලධාරින්ට උපදෙස් ලබා දී ඇත්තේ.

එම උපදෙස් අනුව, විශේෂඥ කණ්ඩායමක් එම ප්‍රදේශය ආශ්‍රිතව පවතින භූමි අස්ථාවරත්වය අධ්‍යයනය කිරීමේ සහ ඇති විය හැකි අවදානම් සහ හානි අවමකර ගැනීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමේ අරමුණින් නුදුරේ දී ස්ථානීය පරීක්‍ෂණයක් සිදුකිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

මෙම තත්ත්වය හේතුවෙන් ඇති විය හැකි හානි වළක්වා ගැනීමට සහ අවශ්‍ය කඩිනම් පියවර ගැනීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් ලබාදීමට ද රාජ්‍ය අමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?