spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලිස්පතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්

අරගලය පැවති සමයේ මැති ඇමතිවරුන්ගේ නිවාස ගිනි තැබීමේ සිද්ධීන් වළක්වාලීමට කටයුතු නොකළේ යැයි ස්ථාන මාරුකර හරින ලද පොලිස් ස්ථානාධිපතිවරු පස්දෙනෙකුට මීට පෙර අධිකරණය හමුවේ ඇතිකරගත් එකඟතාවය පරිදි සුදුසු පොලිස් ස්ථාන ලබාදීමට කටයුතු කර ඇති බව පොලිස්පතිවරයා අද (29) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් ස්ථානාධිපතිවරුන් පස්දෙනෙකු විසින් ගොණුකර තිබූ පෙත්සම් අද (29) අග විනිසුරු ජයන්ත ජයසූරිය, ගාමිණී අමරසේකර සහ ඒ. එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේ දී පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මීට පෙර අධිකරණය හමුවේ ඇතිකරගත් එකඟතාවය පරිදි පෙත්සම්කරුවන්ට සුදුසු පොලිස් ස්ථාන ලබාදීමට පොලිස්පතිවරයා කටයුතු කර ඇති බව සඳහන් කළා.

ඒ, අනුව පෙත්සම්කාර පොලිස් ස්ථානාධිපති තුන්දෙනකු එම පොලිස් ස්ථාන භාර ගැනීමට එකඟතාවය පළකිරීමත් සමගම ඔවුන් විසින් ඉදිරිපත් කළ පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කිරීමට විනිසුරු මඩුල්ල තීන්දු කළා.

එහෙත් පෙත්සම්කරුවන් දෙදෙනෙකු පොලිස්පතිවරයා විසින් යෝජනා කරන ලද පොලිස් ස්ථාන භාරගැනීම සඳහා එකඟතාව පළ නොකළ අතර, ඔවුන් සිය නීතිඥවරු මාර්ගයෙන් සඳහන් කළේ මේ හරහා සිය තනතුරු පහත හෙළීමක් සිදුව ඇති බවයි.

ඒ, අනුව එම පෙත්සම්කාර පොලිස් ස්ථානාධිපතිවරු දෙදෙනාගේ පෙත්සම් යළි සලකා බැලීම සඳහා මැයි මස 29 වනදා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?