AFC Banner
Empty Ad
Empty Ad

ලංගම බසයක ගැටුණු පාපැදිකරු මරුට – රියදුරු අත්අඩංගුවට

පානදුර නගරයේ දී ලංගම බස් ‍රථයක පාපැදිකරුවෙකු ගැටීමෙන් සිදු වූ අනතුරින් එම පුද්ගලයා අද දහවල් කොළඹ ජාතික රෝහලේ වැඩිදුර ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (20) උදෑසන 7.30ට පමණ අනතුරට ලක් වූ බස් රථය නෑබඩ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ අතර; පානදුර නගරයට ආසන්නයේ දී මාර්ගය හරහා ගමන් ගත් පාපැදිකරුවෙකු බස් රථයෙහි ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන ආකාරය අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවේ ද සටහන් ව තිබුණා.

බස් රථයේ රියදුරු පානදුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත්; අනතුරට හේතුව අපරික්ෂාකාරී රිය ධාවනය බවටත් හෙළි ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?