ලංගම ඩිපෝ 39න් තිහක්ම ලාභයි – ඇමති බන්දුල

මේ වන විට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ තිස්නවයෙන් ඩිපෝ 30ක්ම ලාභ ලබන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

පසුගිය දිනක ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ දී පැවති ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අලුතින් බඳවා ගන්නා ලද කොන්දොස්තර, රියදුරු පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන,

“ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ජාතිය සතු සම්පතක් නිසා එයින් ලැබෙන ලාභයෙන් කොටසකකින් එය උපද්දවන්න සම්බන්ධ වෙන අයට පඩි වැඩිකරලා දෙන්න පුළුවන්, දිරිදීමනා දෙන්න පුළුවන්, සෞඛ්‍ය ආරක්ෂණයක් ලබා දෙන්න පුළුවන්. හැබැයි ඒ ඔක්කොම කරන්න ඩිපෝ එක ලාභ ලබන්න ඕන. නව සභාපතිවරයා පත්වන කොට ඩිපෝව 39ටම පඩි ගෙවන්න ආදායමක් තිබුණේ නැහැ. නමුත් දැන් පඩි ගෙවන්න බැරි ඩිපෝව නමයකට පමණයි. ඩිපෝ තිහක්ම පඩි ගෙවන්න පුළුවන් ආදායමක් ලබනවා. බස් එකට නගින ඔක්කොමලාට ටිකට් දීලා ඒ ලැබෙන ආදායම දවසගානේ හෘදසාක්ෂියට එකඟවත් අවංකවත් ඩිපෝ එකට බැන්දොත් ඩිපෝ ඔක්කොම ලාභ ලබනවා.
අපේ කොන්දොස්තර මහත්වරු රියදුරු මහත්වරු කරන්නේ දවසේ ලැබෙන ආදායමෙන් කොටසක් ඩිපෝ එකට බැඳලා කොටසක් තමන්ගේ ගෙවල්වලට අරගෙන යන එකයි. ඒ නිසා මේවාට සම්බන්ධ වෙන 35 දෙනෙක් පමණ දවසකට වැඩ තහනම් වෙනවා. ඒ වැඩවලට සම්බන්ධ වෙලා අමාරුවේ වැටෙන්න එපා. අද සිට ඔබලා රජයේ සේවකයෝ රජයේ සේවකයෝ හොරකම් කළොත්, වංචා කළොත් ඒකට ඉතා විශාල දඬුවමකට ලක් වෙනවා.
දුම්රිය රියදුරු මහත්තයෙක් අපි හොරකම් කරනවා කියලා එයා හොරකම් කරලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටයි දුෂණ වංචා එකටයි ඉදිරිපත් කරලා තියෙනවා. රජයේ රියදුරාගේ ගිණුමට ලක්ෂ 42 ලක්ෂ 31 වශයෙන් බැර වෙච්ච ගිණුම් අංක අපි අපරාධ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. එහෙම කරන්නේ පුද්ගලික අමනාපයකට එහෙම නෙවෙයි අනෙක් අයට ආදර්ශයක් වෙලා මෙම ආයතන පවත්වාගෙන යාම සඳහායි.
ඒ නිසා තමුන්ට වටිනා මනුස්ස ජීවිතයක් තියෙනවා මේ අය වැඩි දෙනෙක් තරුණ අය ආයතනය රැකගෙන මහන්සි වෙලා වැඩ කලොත් තමන්ටත් හොඳ දියුණුවක් ළඟා කරගන්න පුළුවන්. ඉස්සර ලංගම රියදුරු මහත්තයෙකුට කොන්දොස්තර මහත්තයෙකුට විශාල පිළිගැනීමක් ගෞරවයක් සමාජයේ තිබුණා. රස්සාවෙන් විශ්‍රාම යනකොට මිනිසුන් ඔවුන් වෙනුවෙන් උපහාර උත්සව පැවැත්වූවා. එවැනි තත්ත්වයකට එන්න අලුත් පරම්පරාවේ අය ලෙස ඔබ වැඩකරලා විනයගරුකව ලංගමයට ආදරෙයන් තමන් වැඩ කරන බස් රියට ආදරෙන් කටයුතු කළොත් ඔබට හොඳ හෙටක් තියේවි.
ඉදිරියේදී බස්නාහිර පළාතට විදුලි බස්රථ දෙසීයක් ගේන්න බලාපොරොත්තු වෙනවා. 2030 වන විට මුළු ලංකාවේම පොදු ප්‍රවාහනය විදුලි බස්රථ වෙන්න ඕන. ඉලෙක්ට්‍රොනික් ටිකට්පතක් ලබා දෙන වැඩපිළිවෙළ ද මෙම වසර අවසන් වීමට පෙර නිම කිරීමට බලාපොරොත්තු වෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22