ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර 2024 වර්ෂය වන විට අවුරුදු පනහක් සම්පුර්ණ වීම සනිටුහන් කිරීම සහ දෙරටෙහි රාජ්‍යතාන්ත්‍රික සබඳනා තවදුරටත් සක්තිමත් කර ගැනීමට මෙන්ම දෙරටෙහි ජනතාව අතර අන්‍යෝන්‍ය සුභදතාව වර්ධනය කර ගැනීම අරමුණු කර ගනිමින් දෙරටේ ඓතිහාසික ස්ථාන පදනම් කර ගනිමින් සමරු මුද්දර දෙකක් නිකුත් කිරීමට යෝජනා වී තිබෙනවා.
ඒ අනුව, අදාළ සමරු මුද්දර නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සහ සෞදි තැපැල් සංස්ථාව (Saudi Post Corporation) අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව ඇති බව කැබිනට ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (16) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළා.





