ලංකාව ම පිස්සු වැට්ටු නර්ස් නෝනා..

නවක නිරූපණ ශිල්පිනයක් වන දිලිනි නිරූපණය තුළින් දිගු ගමනක් යෑමට උත්සාහ දරන්නියක්. ඇය ඉදිරියේදී හෙද සේවයට එක්වීමටද නියමිතයි. මෙවර කතාබහට දිලිනිව අප එකතු කරගත්තේ මේ විදිහටයි.

ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම දිලිනි ප්‍රසංශා සමරකෝන්. මම ඉන්නේ නුවර. මම දැනට නර්සිං ඩිප්ලෝමාවක් හදාරනවා. ඉස්සරහට නර්ස් කෙනෙක්. ඊට අමතරව නිරූපණ ශිල්පිනියක් විදිහටත් කටයුතු කරනවා.

නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කොහොමද?

දැන් අවුරුදු දෙකක් විතර ඇති. 2019 අන්තිම 2020 මුලදි වගේ. නිරූපණයට කැමැත්ත තිබුණා. ඒත් මුලින්ම අපි එන්න බයයිනේ. මුලින්ම මම අඳුන අයියා කෙනෙක් තමයි මට කතා කළා ෆොටෝෂූට් එකක් කරන්න. ඒ නම තුසල් මහීම අයියා. පළවෙනි ෂූට් එක එතරම් සාර්ථක වුණේ නැහැ. දෙවෙනි ෂූට් එකත් කළේ තුසල් අයියා. ඒක ටිකක් viral වුණා. ඒක චැනල් C ආයතනයෙනුත් දැකලා තිබුණා. එහෙම තමයි වැඩ කරන්න පටන් ගත්තේ.

මේ වෙද්දි දායක වෙලා තිබෙන නිර්මාණ ගැන කිව්වොත්?

ෆොටෝෂූට් නම් ගොඩක් කරලා තිබෙනවා. මියුසික් වීඩියෝ කිහිපයකුත් කරලා තිබෙනවා. තව ඉස්සරහට කරන්න බලාපොරොත්තුවෙනුත් ඉන්නවා. වෙළඳ දැන්වීම්වලට ආරාධනා ලැබුණා. නමුත් මගේ අධ්‍යාපන කටයුතුවලට මුල් තැනක් දිය යුතු නිසා මට ඒවාට දායක වෙන්න ලැබු‍ණේ නැහැ. මගේ අධ්‍යාපන කටයුතු එක්ක සමබරව කරගෙන යන්න පුළුවන් නම් කරනවා.

නිරූපණ ක්ෂේත්‍රය ගැන මොකද හිතන්නේ?

නිරූපණ ක්ෂේත්‍රය හොඳයි. ඒක ඉතින් කට්ටිය බලන පැත්තත් එක්ක එක එක්කෙනාට වෙනස් වෙනවා. මම නම් වැරැද්දක් දකින්නේ නැහැ. අපි හරි විදිහට කරනවා නම් වැරැද්දක් නැහැ. මිනිස්සු බලන කෝණේ වෙනස් වුණොත් හොඳයි.

නිරූපණ ශිල්පිනියක් වෙන්න රූපය විතරක් තිබුණාම ඇතිද?

නැහැ. රූපය කියන්නේ එක කොටසක් විතරයි. රූපය විතරක් මදි. හොඳ පෞර්ශයක් තියෙන්න ඕනේ. උගත් වෙන්න ඕනේ. තැනකට ගිහිල්ලා කතා කරන්න හැසිරෙන්න දැනගන්න ඕනේ. යාළුවෝ ඉස්සරහ හැසිරෙන විදිහට නෙවෙයි ෆීල්ඩ් එකේදී හැසිරෙන්නේ. නිරූපණ ක්ෂේත්‍රයට එනවා කියන්නේ දැනුම, බුද්ධිය, ආකල්පවලින් පරිපූර්ණ වෙන්න ඕනේ.

නර්ස් කෙනෙක් වුණාට පස්සේ නිරූපණයට සමුදෙයිද?

අත හරින්නේ නැහැ. මම දැනට කරන්නේ ටිකක් හොට් ටයිප් එකේ ෂූට්. ඒක ටිකක් මගෙන් අයින් වෙයි. මොකද මගේ රැකියාව ගැන එතකොට හිතන්න ඕනේ. දැනට කරන නිර්මාණවලට වඩා නර්ස් කෙනෙක් වුණාම කරන නිර්මාණ වෙනස් වෙයි.

Hot Shoot කරන නිසා ගෙදරින් බාධාවක් ආවේ නැද්ද?

නැහැ. ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන්මට ගෙදරින් බාධාවක් නැහැ. මොකද මම ෂූට්වලදි අඳින ඇඳුම් පෞද්ගලික ජීවිතයේදී, තැනකට යද්දි අඳින්නේ නැහැ. කැමරාව ඉස්සරදි විතරයි මගේ හැකියාව සහ ඇඳුම් පැළඳුම් ඔක්කොම තියෙන්නේ. මම ගෙදරදි වෙන චරිතයක්. යාළුවෝ ඉස්සරහදි තව චරිතයක්. ඇඳුම් පැළඳුම්වලින් මනුස්සයෙක්ව මනින්න බැහැ. මම හොට් ෂූට් කළා කියලා මිනිස්සු අර හිතන විදිහේ කෙනෙක් නෙවෙයි. ලංකාවේ විතරයි මෙහෙම තත්ත්වයක් තියෙන්නේ. මිනිස්සු බලන විදිහ වෙනස්නේ. මට ගෙදරින් නම් කිසිම බාධාවක් නැහැ. මම මගේ සීමාව තියාගෙන වැඩ කරනවා. සමාජ මාධ්‍ය ඇතුළේදි නම් ගොඩක් නරක ප්‍රතිචාරත් ලැබෙනවා. මම ඒවා ගණන් ගන්නේ නම් නැහැ. හොඳ දෙයක් කිව්වොත් නම් අහනවා.

Hot Shoot කරන බොහෝ දෙනාට අයුතු යෝජනා එනවා. ඔබටත් අයුතු යෝජනා ඇවිත් තිබෙනවාද?

අයුතු යෝජනා නම් ගොඩක් ඇවිත් තිබෙනවා. මම Hot Shoot කරනවා කියලා හැමෝමත් එක්ක වැඩ කරන්නේ නැහැ. මම වැඩ කරන පිරිසක් ඉන්නවා. Hot කියලා මම ගොඩාක් මගේ ඇඟ Open එකට කරන්නේ නැහැ. අයුතු යෝජනා එනවා. ඒවා අපි අයින් කරගෙන ඉස්සරහට යන්න දැනගන්න ඕනේ. අපි ඉන්න විදිහක් තිබෙනවානේ. ඒ විදිහේ හැටියට තමයි හැමදේම තීරණය වෙන්නේ. අපිට එන නරක දේවල් අයින් කරලා හොඳ දේවල් විතරක් ලබාගත්තොත් අපි එතන බොහෝ කාලයක් රැඳෙන්න පුළුවන්.

දිලිනිට පැජන්ට්වලට සහභාගී වෙන්න අදහසක් නැද්ද?

පැජන්ට්වලට මම කලින් ඉඳලා ආසයි. පැජන්ට් එකකට හරි අවුරුදු කුමරිය තරඟාවලියකට හරි සම්බන්ධ වෙන්න ආසයි. ජයග්‍රාහිකාවක් වෙනවාට වඩා වේදිකාවක් උඩ perform කරන්න කැමතියි. ලබන අවුරුද්දේදි Miss teen වගේ පැජන්ට් එකක perform කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා. ගෙදරිනුත් එහෙම බාධාවක් නැහැ.

ඔබට රංගනයට ආරාධනා ලැබිලා නැද්ද?

නිර්මාණ දෙකකට විතර ආරාධනා ලැබිලා තිබෙනවා. ඒවා කොළඹ ෂූට් කරන නිර්මාණ. මම මුලින් කිව්වා වගේ මගේ අධ්‍යාපන කටයුතු නිසා ඒ වගේ දේවලට යන්න විදිහක් නැහැ. අධ්‍යාපනයට තමයි මූලිකත්වය දීලා තිබෙන්නේ. මගේ රැකියාවත් එක්ක මට ඉදිරියේදී කාලය ලැබුණොත් රංගනයටත් එකතු වෙයි.

අළුත් අවුරුද්දේ තිබෙන බලාපොරොත්තු මොනවාද?

මම මේ ක්ෂේත්‍රය අත හරින්නේ නැහැ. අළුත් අවුරුද්දේ මුලදි තමයි මගේ රැකියාවට මට යන්න ලැබෙන්නේ. පුහුණු හෙදියක් වශයෙන්. ඒකට ගියාම ඒ වැඩයි නිරූපණයයි සමබරව කරගෙන යනවා. ඒ එක්කම මේ වගේ සැහැල්ලු ජීවිතයක් ගත කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

උදව් කළ අය ගැන මතක් කළොත්?

මුලින්ම මතක් කරන්න ඕනේ මගේ අම්මා, තාත්තා සහ මගේ පෙම්වතාව. මගේ අම්මත් රූපලාවන්‍ය ශිල්පිනියක්. ඒ වගේම තුසල් මහීම සහ දිහාරා කුලතුංග අයියයි අක්කාවයි මතක් කරන්න ඕනේ. මගේ යාළුවන්වත් මතක් කරනවා. මගේ ළඟම යාළුවෝ පිරිසක් ඉන්නවා. එයාලා මට හැමදේටම ඉන්නවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57
Video thumbnail
අහක බලාගෙන ඉන්න එපා - මුජිබුර් ඇමති එක්ක ගේම ඉල්ලයි
04:04
Video thumbnail
අම්මෝ හිරුණිකා ජනපතිට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
17:48