රුසියානු-යුක්රේන යුද්ධය හේතුවෙන්, ගෝලීය නැව් මාර්ග වසාදැමීමත් සමග ලංකාව වාර්ෂිකව රුසියාව සහ යුක්රේනය සමග සිදුකරන එක්සත් ජනපද ඩොලර් මිලියන 500කට(රුපියල් කෝටි 10150) වැඩි ආනයන අපනයන වෙළෙඳාම අවදානමට ලක්ව ඇත.
යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු මොස්කව් වෙත බටහිර රටවල් සම්බාධක පැනවීමට ප්‍රතිචාර වශයෙන් ලොව විශාලතම බහාලුම් නෞකා සමාගම් තුන පෙරේදා (01වැනිදා) රුසියාවට සහ ඉන් පිටතට භාණ්ඩ නැව්ගත කිරීම තාවකාලිකව අත්හිටුවන ලදී.
ධාරිතාව අනුව ලොව විශාලතම බහාලුම් නැව් සමාගම වන ස්විට්සර්ලන්තයේ එම්එස්සී(MSC) නිවේදනය කරන ලද්දේ මාර්තු 1වැනිදා වන විට බෝල්ටික් කලාපය, කළු මුහුද ඇතුළු සියලුම ප්‍රවේශ ආවරණය වන පරිදි රුසියාවට හා ඉන් පිටතට සිදුකෙරෙන සියලුම භාණ්ඩ ප්‍රවාහනයන් තාවකාලිකව නතර කර ඇති බවයි. MSC සමාගමට පසු දෙවන විශාලතම ප්‍රවාහකයා වන ඩෙන්මාර්කයේ Maersk සහ ප්‍රංශයේ CMA CGM යන සමාගම් ද එදින සිටම රුසියාවට හා ඉන් පිටතට සිදුකෙරෙන සියලුම භාණ්ඩ ප්‍රවාහන කටයුතුවලින් ඉවත්වන බව නිවේදනය කර තිබේ.