ලංකාව දැඩි වෙළෙඳ අවදානමක

රුසියානු-යුක්රේන යුද්ධය හේතුවෙන්, ගෝලීය නැව් මාර්ග වසාදැමීමත් සමග ලංකාව වාර්ෂිකව රුසියාව සහ යුක්රේනය සමග සිදුකරන එක්සත් ජනපද ඩොලර් මිලියන 500කට(රුපියල් කෝටි 10150) වැඩි ආනයන අපනයන වෙළෙඳාම අවදානමට ලක්ව ඇත.

යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු මොස්කව් වෙත බටහිර රටවල් සම්බාධක පැනවීමට ප්‍රතිචාර වශයෙන් ලොව විශාලතම බහාලුම් නෞකා සමාගම් තුන පෙරේදා (01වැනිදා) රුසියාවට සහ ඉන් පිටතට භාණ්ඩ නැව්ගත කිරීම තාවකාලිකව අත්හිටුවන ලදී.

ධාරිතාව අනුව ලොව විශාලතම බහාලුම් නැව් සමාගම වන ස්විට්සර්ලන්තයේ එම්එස්සී(MSC) නිවේදනය කරන ලද්දේ මාර්තු 1වැනිදා වන විට බෝල්ටික් කලාපය, කළු මුහුද ඇතුළු සියලුම ප්‍රවේශ ආවරණය වන පරිදි රුසියාවට හා ඉන් පිටතට සිදුකෙරෙන සියලුම භාණ්ඩ ප්‍රවාහනයන් තාවකාලිකව නතර කර ඇති බවයි. MSC සමාගමට පසු දෙවන විශාලතම ප්‍රවාහකයා වන ඩෙන්මාර්කයේ Maersk සහ ප්‍රංශයේ CMA CGM යන සමාගම් ද එදින සිටම රුසියාවට හා ඉන් පිටතට සිදුකෙරෙන සියලුම භාණ්ඩ ප්‍රවාහන කටයුතුවලින් ඉවත්වන බව නිවේදනය කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් ගෞරවයට නිල සැලියුට් එකක්… වුඩ්ලර්ගේ සංවේදී ආචාරය
00:26
Video thumbnail
දෙකෙන් එකක් බේරගන්න අපි කොළඹට එනවා
04:29
Video thumbnail
දුක්බරව සිටි හිටපු පොලිස්පතිගේ පුතු වැළඳ සැනසූ තලතා..
00:49
Video thumbnail
හිටපු පොලිස්පතිගේ අවසන් ගමනේ සංවේදී මොහොතක්… CD ඉදිරියේ නිහඬව නතර වූ රනිල්
00:32
Video thumbnail
හිටපු පොලිස්පතිට ආචාර කරලා අවසන් ගෞරවය දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා
01:56
Video thumbnail
ළඟ හිටපු ටිල්වින්ටත් වැඩේට හිනා...
00:31
Video thumbnail
හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න රනිල් එයි - ශවේන්ද්‍ර සිල්වාත් එක්වෙයි
02:39
Video thumbnail
හිටපු පොලිස්පතිගේ දේහය ඇති පෙට්ටිය විවෘත කරන්න හදද්දිම වෙච්ච දේ..
00:51
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැදින් හිටපු පොලිස්පතිගේ දේහය මල් ශාලාවට
02:05
Video thumbnail
බස් එක යන්න දෙන්නේ නෑ - මූ බීලා ඉන්නේ, බස් එකෙන් බස්සන්න
02:47