ලංකාවේ වාහන වෙළෙඳපොල ගොඩ ගන්න අත්හදා බැලීමක්

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන පළමු විදුලි ත්‍රිරෝද රථය වන වේගා ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය පසුගිය දා පන්නල පිහිටි ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ දී පරීක්ෂණ ධාවනයක් සිදුකර තිබේ.

මෙම විදුලි ත්‍රීරෝද රථය 2022 අප්‍රේල් මාසය පමණ වන විට වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව මේ සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡාවක දී වේගා ඉනෝවේෂන් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය බේෂාන් කුලපාල මහතා පවසා තිබේ.

දැනට ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කර අලෙවි කරනු ලබන සාමාන්‍ය ත්‍රිරෝද රථයකට වඩා අඩු මිලකට එය මිල කිරීමට බලාපොරොත්තු වන බව ඔහු පවසයි.

2027 වසර වන විට ගෝලීය වශයෙන් මෙය ඩොලර් බිලියන 32 ක කර්මාන්තයක් වන බවත් සිය ඉලක්කය එයින් 10% ක කොටසක් අත්පත් කර ගැනීම බවත් ඔහු සඳහන් කරයි.

මෙම ත්‍රිරෝද රථය මේඩ් ඉන් ශ්‍රී ලංකා නිෂ්පාදනයක් බව වේගා ඉනෝවේෂන් සමාගමේ අධ්‍යක්ෂවරයා පවසයි.

මෙය සම්පූර්නයෙන් විදුලි බලයෙන් ක්‍රියා කරන ත්‍රිරෝද රථයක් වන අතර සාමාන්‍ය ත්‍රිරෝද රථයකට වඩා මෙය බොහෝ සෙයින් වෙනස් වේ.

මෙය එක් ආරෝපණකින් කිලෝමීටර 100 -120 ක් අතර දුරක් ගමන් කළ හැකි අතර මෙහි වහල මත තිබෙන සූර්යකොෂය නිසා නවතා තබන අවස්ථාවක හෝ හිරු රශ්මිය මධ්‍යයයේ ධාවනය කෙරන අවස්ථාවක දී පවා වැඩි බලයක් ලබා ගෙන වැඩි දුරක් ධාවනය කරන්න කළ හැකි බව ඔහු පවසයි.

සාමාන්‍ය ත්‍රීරෝද රථයක් මෙන්ම ඉදිරිපස රියැදුරාට අමතරව පසුපස මගීන් තිදෙනෙකුට ගමන් කිරීමට හැක.

සාමාන්‍ය ත්‍රිරෝද රථයක පිටුපස භාණ්ඩ දාන්න ස්ථානයක් නොමැති නමුත් මෙහි ඒංජිමක් නොමැතිකමින් පිටුපස ඉඩ ඔක්කොගේම භාණ්ඩ ‌රැගෙන යාමට පුළුවන.

“ඇත්තටම මෙය අපි ලංකාවේ වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් කරන ‌දෙයක් නෙමෙයි. ලංකාව එක් ඉලක්කයක් තමයි. ඒ වුණාට ලෝක වෙළෙඳපොළ බැලුවොත් දැනට 2019 දී ඉලෙක්ට්‍රික් ත්‍රීවීල් මාර්කට් එක ඩොලර් බිලියන 28 ක්. ඒක 2027 වෙනකොට එය ‌ඩොලර් බිලියන 32 ක් බවට ‌පත්වෙනවා. ඒ කියන්නේ ඉක්මනින් ව්‍යාප්ත වෙන ලෝක වෙළෙඳපොළේ ලොකු ඉල්ලුමක් තියෙන රථයක් මේක. අපි හිතමු ඒ වෙළඳපොළෙන් 10% ක් අපි ඉලක්ක කරනවා කියලා, ඒක ඩොලර් බිලියන 3ක්. හැම අවුරුද්දේම ඩොලර් බිලියන 3 ක ව්‍යාපාරයක්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22