ලංකාවේ කැපී පෙනෙන පුද්ගලයන් 80ක් කොවිඩ් වැළඳී මරුට

මෙරට ධනවත් ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන්, ප්‍රභූවරුන්, වෘත්තිකයන් සහ කලාකරුවන් ඇතුළු මුල් පෙළේ කැපී පෙනෙන පුද්ගලයන් 80 කට ආසන්න පිරිසක් කොවිඩ් ආසාදනය වීමෙන් මරණයට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

මේ අතර ගායකයන් සහ රංගන ශිල්පීන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල කැපී පෙනෙන පුද්ගලයන් තුන්සියයකට ආසන්න පිරිසකට කොවිඩ් ආසාදනය වී ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් පුවත්පත්වලට සඳහන් කර තිබෙනවා.

කොවිඩ් වැළඳුනු මෙරට මැති ඇමතිවරුන් සංඛ්‍යාව ද 27ක් පමණ වනවා.

කොවිඩ් ආසාදනය වීමෙන් මිය ගිය ප්‍රධාන පෙළේ පුද්ගලයන් අතර හිටපු අමාත්‍ය මංගල සමරවීර, හිටපු කතානායක විජය විජමූ ලොකුබණ්ඩාර ,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර නෙවිල් ප්‍රනාන්දු, කැපිටල් මහරාජා ආයතනයේ සභාපති ආර් රාජමහෙන්ද්‍රන් , ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා, යුධ හමුදා පර්යේෂණ ව්‍යාපෘති සහ සංවර්ධන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් උදයසේන,බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ඩග්ලස් ප්‍රනාන්දු
යන අය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?