ලංකාවේ කැපී පෙනෙන පුද්ගලයන් 80ක් කොවිඩ් වැළඳී මරුට

මෙරට ධනවත් ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන්, ප්‍රභූවරුන්, වෘත්තිකයන් සහ කලාකරුවන් ඇතුළු මුල් පෙළේ කැපී පෙනෙන පුද්ගලයන් 80 කට ආසන්න පිරිසක් කොවිඩ් ආසාදනය වීමෙන් මරණයට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

මේ අතර ගායකයන් සහ රංගන ශිල්පීන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල කැපී පෙනෙන පුද්ගලයන් තුන්සියයකට ආසන්න පිරිසකට කොවිඩ් ආසාදනය වී ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් පුවත්පත්වලට සඳහන් කර තිබෙනවා.

කොවිඩ් වැළඳුනු මෙරට මැති ඇමතිවරුන් සංඛ්‍යාව ද 27ක් පමණ වනවා.

කොවිඩ් ආසාදනය වීමෙන් මිය ගිය ප්‍රධාන පෙළේ පුද්ගලයන් අතර හිටපු අමාත්‍ය මංගල සමරවීර, හිටපු කතානායක විජය විජමූ ලොකුබණ්ඩාර ,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර නෙවිල් ප්‍රනාන්දු, කැපිටල් මහරාජා ආයතනයේ සභාපති ආර් රාජමහෙන්ද්‍රන් , ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා, යුධ හමුදා පර්යේෂණ ව්‍යාපෘති සහ සංවර්ධන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් උදයසේන,බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ඩග්ලස් ප්‍රනාන්දු
යන අය වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41