ලංකාවෙන්ම ප්‍රථමයින් වූ උසස් පෙළ හපන්නු මෙන්න

2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (27) පස්වරුවේ නිකුත් කෙරුණා.

එම විභාග ප්‍රතිඵල අනුව කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවිය සමත්ව තිබෙනවා.

ගණිත අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය ද ගම්පහින් වාර්තා වන අතර, ගණිත අංශයේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත්ව ඇත්තේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ රන්සර කුමාරගේ සිසුවායි.

වාණිජ අංශයෙන් දිවයිනේ පළමු තැන හිමිකරගෙන ඇත්තේ කොළඹ විශාකා විද්‍යාලයේ අමාශා දුලාරි පෙරේරා සිසුවියයි.

එමෙන්ම මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ සඳිති නිම්හාරා සිසුවිය විසින් හිමිකරගෙන තිබෙනවා.

ජෛයිව විවිධත්ව තාක්ෂණවේදය අංශයෙන් ලංකාවේ ප්‍රථමයා බවට පත්වීමට කුරුණෑගල සඳලංකාව මැදි විදුහලේ නෙත්මි නවෝද්‍යා මාරසිංහ සිසුවිය සමත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?