ලංකාවටම අභිමානයක් ගෙන දෙමින් සුනිල් පෙරේරා ලන්ඩනයේ යළි ඉපදෙයි

ලාංකේය කණ්ඩායම් සංගීතයේ පෙරළිකාර තරුවක් වූ ජීප්සීස් සංගීත කණ්ඩායමේ නායක අභාවප්‍රාප්ත සුනිල් පෙරේරා මහතාගේ ඉටි රුවක් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර මැඩම් ටූසාඩ් කෞතුකාගාරයේ ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ, බ්‍රිතාන්‍යයේ වෙසෙන ලාංකීය ව්‍යවසායකයෙකු වන ෆලීල් මරික්කාර් මහතාගේ සංකල්පයකට අනූවයි.

ලොව වැඩිම සංචාරක ආකර්ශනයක් සහිත ස්ථානයක් වන ලන්ඩනයේ මැඩම් ටූසාඩ් කෞතුකාගාරය, 1835 වසරේදී විවෘත කෙරුණා.

බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයින් ද ඇතුලුව ලොව කීර්තිමත් පුද්ගලයින් රැසකගේ ඉටි රූ වලින් එය සමන්විතයි.

එහි සුනිල් පෙරේරා මහතාගේ ඉටි රුවක් ඉදිකිරීම, ලාංකේය සංගීත කලාව ජාත්‍යන්තරයේ ප්‍රචලිත කිරීමට කදිම අවස්ථාවක් වනු නොඅනුමානයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
421
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?