රෝහල් ගතකළ කුසල් මෙන්ඩිස් යළි කණ්ඩායම සමඟ එක්වෙයි

බංග්ලාදේශය සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය අතරතුරදී ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකළ කුසල් මෙන්ඩිස් ඊයේ රාත්‍රියේ කණ්ඩායම නවාතැන් ගෙන සිටින හෝටලයට පැමිණ තිබෙනවා.

ඒ, ඔහුට සිදුකළ වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුවයි.

බංග්ලාදේශයෙන් වාර්තා වන අන්දමට අද උදෑසන තරගයට පෙර කුසල් මෙන්ඩිස්ට පන්දු රැකීමට හැකි ද යන්න පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ වෛද්‍යවරයා විසින් පරීක්ෂා කිරීමට නියමිතව තිබෙනවා.

පිටිය මැද දී හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය වූ ඊයේ දිනයේ දී ඔහු රෝහල් ගත කිරීමට කටයුතු කළා.

එම අවස්ථාවේ කුසල් පපුවේ යම් වේදනාවකින් පෙලෙන ආකාරය දක්නට ලැබුණා.

මේ අතර තරගයේ දෙවන දිනය වන අද දිනයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ ක්‍රීඩකයින් කඩුලු 05ක් දැවී ලකුණු 277ක් රැස්කරැගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?