රෝහලට රෝගීන් ගෙනියන්න පහසුකම් නැහැ – කොරෝනා රෝගියෙකු නිවසේම මිය යයි

කොරෝනා වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයෙකු රෝහලට ගෙන යෑම සඳහා පහසුකම් නොමැති වීම හේතුවෙන් සිය නිවසේදීම මිය ගිය පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මෙහිදී රෝගී පුද්ගලයාගේ පිරිස විසින් සුවසැරිය 1990 සේවය අමතා තිබුණත් එම මොහොතේ සුවසැරිය සේවයට පැමිණීමට හැකියාවක් තිබී නොමැත.

කිසිදු ආකාරයකින් රෝගියාව රෝහල වෙත ගෙන යෑමට හැකියාවක් නොතිබීම හේතුවෙන් ඔහු නිවසේම මියගොස් තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වෛද්‍යරයෙකු තැබූ සටහන පහතින්,

ඉදිරිය එතරම් හොඳ නෑ. අම්බලන්ගොඩට ඊයෙ ආපු positive ගාන 28ක්. හුස්ම ගන්න අමාරු ලෙඩෙක් ඉන්නව කියල දුරකතන ඇමතුමක් ආවා. එතකොටත් ambulance සොයන්න පටන් අරන්. 1990 ගන්න කියල එයාලටත් කිව්වා…

අපිට ලෙඩෙක් ඉන්නව කියල ambulance යවනව කියන ලේසි වැඩක් නොවෙයි. 1990ත් නෑ. 1990 ට එන්න බැරිවෙලා. ප්‍රතිඵල ඇවිත් විනාඩී 45ක් තුල රෝගියා ගෙදරම මියගියා. ගෙදර මිනිස්සු විලාප,දෙනවා කෑ ගසනවා කවුරුත් උදව්වට නෑ. උදව් කල හැක්කේ සීමා සහිතව. අපි පිටත් උනා. මහ රෑ කෝමද මේ වැඩ ටික කරන්නෙ. යනගමන් සහෝදර වෛද්‍ය වරුන්ගෙන් උපදෙස් පැතුවා.

මටත් පලමු අත් දැකීම. පවුලේ ලඟම නෑදෑයෝ වෛද්‍යවරයකු ඇතුලු සෞඛ්‍ය කාර්‍යමංඩලය ඉන්නවා මට කතා කරල ඇයි අපි මිනිස්සුන්ට උදව් කරල මෙහෙම,වෙන්නෙ අහනවා.  PHI මහත්වරු බටපොල පොලිසිය හා කොර්නෙල් මහතා සම්බන්ධ කරගන්නා අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති තුමන් ඇමතුවා. මම ඉල්ලා සිටියා මහ රෑම මේ කටයුත්ත කරගන්න උදව් කරන්න කියලා.

පුදුම උදව්වක් ලැබුණේ අපි කණ්ඩායම එක්ක නින්දානෙ ගෙදරට ගියා. ඒ අසරන කමක තරම. ගෙදර අයත් එයාලගෙ දුකත් එක්ක කාටත් කෑ ගඩනවා. දැන් ආවට වැඩක් නෑ කියනව. අපි කල හැකි එකමදේ අවසන් කටයුතු මාර්ගෝපදේශක අනුව ක්‍රියාත්මක කිරීම.

බටපොල රෝහලට මේ අතර කතා කලා වෙන කවුරුත් මේ body එක ගෙනියන්න වාහන දෙන්නෙ නැ කියල දන්න නිසා.. එම කාර්‍යමංඩලය පුදුම කැපවීමක් කලා.  ගෙදර අයගෙන් අහුවා මොනවද ඔයාලා තම ආදරණීය ස්වාමිපුරුශයා පියා වෙනුවෙන් කරන්න ඕනි කියලා. පෙට්ටියක තබන්න කියන ඉල්ලිමත්. පාංශකූලය දීමත් තමයි අසරණ ඉල්ලීම් උනේ. තිසර මල්ශාලාවට කතා කලා. පෙට්ටියක් ඉල්ලුවා කාතාව කියල පස්සෙ මුදල් දෙන්නම් කියල. 

ඒ වෙලවෙම ඔවුන් ඒ උදව්ව කලා. පවුලේ අය හාමුදුරුවෝ සම්බන්ධ කලා අදාහනාගාරයට. ඉතින් තම ස්වාමිපුරුශයා ගේ මල ගමට යන්න ඉල්ලුවා. ඒක අපිට කරන්න දෙන්න බැරි උනා. ගෙදර අය කෑගසද්දි  අපි මෙලෙස අරන් ආවා.. රාත්‍රී  එකට කිට්ටුයි. පාංශකූලය දුන්නා. නීරෝධායනය නොවන එක් පවුලේ නෑදෑ කෙනෙක් පමනක් සහභාගී උනා.

මේ මරණය ඉක්මන් වීමට කොවිඩ් හේතු උනා කිව්වොත් නිවැරදියි… ඔවුන් අවුරුදු කාලේ පොදු ප්‍රවාහනයෙන් ත්‍රිකුණාමලය හා බුත්තල ගිහින් තියෙනවා. ආවට  පස්සෙ වෛද්‍ය රුවන් මහතා තමයි pcr සඳහා යොමු කලේ.

නමුත් ප්‍රතිඵල එනකොටම… කිසිම උදව්වක් කරගන්න බැරිව හුස්ම ගැනීමේ අපහසුවෙන්ම ඔහු මිය ගියා…

අපි හැමෝම කොච්චර අසරණ ද කියන්නයි කොවිඩ් එක්ක මේ කතාව ලිව්වේ. සභාපති තුමා හා කාර්‍යාමණ්ඩලය

කොර්නෙල් මහතා ඉතා ඉක්මනින් සියලු රාජකාරි කරල දුන්නා. JMO මැඩම් අවශ්‍ය උපදෙස් දුන්නා.. මහ,රෑ අදාහනාගාරයේ මෙවැනි කටයුත්තක් කලේ පලමුව ඊයෙ.  ඔවුන් කල කැපවීම ප්‍රශංසනීයයි. 

බටපොල පොලිසියේ නිලධාරීන් දෙදෙනා ඔවුන්ගේ රාජකාරි කටයුතු ඉක්මනින්ම කරලදුන්නා..සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාමණ්ඩලය ලොකු උදව්වක් දුන්නා.

මහ රැ උදව් කල සියලුම දෙනාට තුති.

තවත් මෙවැනි කතා ලියන්න නොලැබේවා.

වෛද්‍ය නලින් විජේසේකර

එම ෆේස්බුක් සටහන පහතින්,

ඉදිරිය එතරම් හොඳ නෑ….අම්බලන්ගොඩට ඊයෙ ආපු positive ගාන 28ක්…හුස්ම ගන්න අමාරු ලෙඩෙක් ඉන්නව කියල දුරකතන ඇමතුමක් ආවා… එතකොටත් ambulance සොයන්න පටන් අරන්..1990 ගන්න කියල එයාලටත් කිව්වා…අපිට ලෙඩෙක් ඉන්නව කියල ambulance යවනව කියන ලේසි වැඩක් නොවෙයි…1990ත් නෑ… 1990 ට එන්න බැරිවෙලා.. ප්‍රතිඵල ඇවිත් විනාඩී 45ක් තුල රෝගියා ගෙදරම මියගියා…ගෙදර මිනිස්සු විලාප,දෙනවා කෑ ගසනවා කවුරුත් උදව්වට නෑ…උදව් කල හැක්කේ සීමා සහිතව… අපි පිටත් උනා.. මහ රෑ කෝමද මේ වැඩ ටික කරන්නෙ….යනගමන් සහෝදර වෛද්‍ය වරුන්ගෙන් උපදෙස් පැතුවා…මටත් පලමු අත් දැකීම… පවුලේ ලඟම නෑදෑයෝ වෛද්‍යවරයකු ඇතුලු සෞඛ්‍ය කාර්‍යමංඩලය ඉන්නවා මට කතා කරල ඇයි අපි මිනිස්සුන්ට උදව් කරල මෙහෙම,වෙන්නෙ අහනවා.. PHI මහත්වරු බටපොල පොලිසිය හා කොර්නෙල් මහතා සම්බන්ධ කරගන්නා අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති තුමන් ඇමතුවා.. මම,ඉල්ලා සිටියා මහ රෑම මේ කටයුත්ත කරගන්න උදව් කරන්න කියලා.. පුදුම උදව්වක් ලැබුණේ . අපි කණ්ඩායම එක්ක නින්දානෙ ගෙදරට ගියා.. ඒ අසරන කමක තරම…ගෙදර අයත් එයාලගෙ දුකත් එක්ක කාටත් කෑ ගඩනවා.. දැන් ආවට වැඩක් නෑ කියනව… අපි කල හැකි එකමදේ අවසන් කටයුතු මාර්ගෝපදේශක අනුව ක්‍රියාත්මක කිරීම…බටපොල රෝහලට මේ අතර කතා කලා වෙන කවුරුත් මේ body එක ගෙනියන්න වාහන දෙන්නෙ නැ කියල දන්න නිසා.. එම කාර්‍යමංඩලය පුදුම කැපවීමක් කලා… ගෙදර අයගෙන් අහුවා මොනවද ඔයාලා තම ආදරණීය ස්වාමිපුරුශයා පියා වෙනුවෙන් කරන්න ඕනි කියලා..පෙට්ටියක තබන්න කියන ඉල්ලිමත්… පාංශකූලය දීමත් තමයි අසරණ ඉල්ලීම් උනේ… තිසර මල්ශාලාවට කතා කලා .. පෙට්ටියක් ඉල්ලුවා කාතාව කියල පස්සෙ මුදල් දෙන්නම් කියල. ඒ වෙලවෙම ඔවුන් ඒ උදව්ව කලා.. පවුලේ අය හාමුදුරුවෝ සම්බන්ධ කලා අදාහනාගාරයට … ඉතින් තම ස්වාමිපුරුශයා ගේ මල ගමට යන්න ඉල්ලුවා.. ඒක අපිට කරන්න දෙන්න බැරි උනා… ගෙදර අය කෑගසද්දි අපි මෙලෙස අරන් ආවා… රාතී එකට කිට්ටුයි…පාංශකූලය දුන්නා. නීරෝධායනය නොවන එක් පවුලේ නෑදෑකෙනෙක් පමනක් සහභාගී උනා…මේ මරණය ඉක්මන් වීමට කොවිඩ් හේතු උනා කිව්වොත් නිවැරදියි… ඔවුන් අවුරුදුකාලේ පොදු ප්‍රවාහනයෙන් ත්‍රිකුණාමලය හා බුත්තල ගිහින් තියෙනවා… ආවට පස්සෙ වෛද්‍ය රුවන් මහතා තමයි pcr සඳහා යොමු කලේ…නමුත් ප්‍රතිඵල එනකොටම… කිසිම උදව්වක් කරගන්න බැරිව හුස්ම ගැනීමේ අපහසුවෙන්ම ඔහු මිය ගියා…අපි හැමෝම කොච්චර අසරණ ද කියන්නයි කොවිඩ් එක්ක මේ කතාව ලිව්වේ.. සභාපති තුමා හා කාර්‍යාමණ්ඩලයකොර්නෙල් මහතා ඉතා ඉක්මනින් සියලු රාජකාරි කරල දුන්නා. JMO මැඩම් අවශ්‍ය උපදෙස් දුන්නා.. මහ,රෑ අදාහනාගාරයේ මෙවැනි කටයුත්තක් කලේ පලමුව ඊයෙ.. ඔවුන් කල කැපවීම ප්‍රශංසනීයයි. බටපොල පොලිසියේ නිලධාරීන් දෙදෙනා ඔවුන්ගේ රාජකාරි කටයුතු ඉක්මනින්ම කරලදුන්නා..සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාමණ්ඩලය ලොකු උදව්වක් දුන්නා..මහ රැ උදව් කල සියලුම දෙනාට තුති.තවත් මෙවැනි කතා ලියන්න නොලැබේවා..වෛද්‍ය නලින් විජේසේකර

Capture 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි
00:46
Video thumbnail
දිලිත් ඇවිත් මැයි රැළිය ගැන ගැම්මට කිව්ව කතාව..අපි පැය 24ක කාලයකදී මැයි රැළිය සංවිධානය කළේ..
02:32
Video thumbnail
මේ බස් දෙක රේස් ආවා..කැලේට ඇල්ලුවේ නැත්තම් මගේ දරු පැටව් දෙන්නා නෑ
01:31
Video thumbnail
ගෑස් නිධි අපේ සයුරු සම්පතේ තියෙද්දි ඇයි රට ශක්තිමත් නොකරන්නේ..විරුද්ධ වෙන කට්ටියක් ඉන්නවා
06:28
Video thumbnail
විමල්ගෙන් රංග ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..දෙන්න තියෙන උපරිම මානසික පීඩනයක් දීලා..?
05:23
Video thumbnail
කුලී රථයක ඇවිත් යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි..කොහොමද හපන්කම්
01:09
Video thumbnail
අසිරිමත් සිරිලක වෙසක් හඳ හිරේ දාලා 30 වෙනකල් එළියට එන්න තහනම්.. l Wimal Weerawansa
02:47
Video thumbnail
රනිල් - නාමල් එකතු වෙන්නද යන්නේ ?..රනිල් පාර්ලිමේන්තුවේ නෑනේ ආණ්ඩු පිහිටුවන්න..අපෙත් තුනයි
03:12
Video thumbnail
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයට හිටපු ජනපති මහින්ද දුන් පිළිතුර..අටමස්ථානාධිපති හිමියන්ට චෝදනාවක්ද ?
01:13
Video thumbnail
මොනවද මේ රැළියට ආපු ඇන්ටි කියන්නේ ?..පක්ෂ, නායකයො කවුද දන්නෙත් නෑ.."අපිට ඕනේ ජන බලවේගය "
01:14