රෝගී ආරක්ෂාව වෙනුවෙන් නව ප්‍රඥප්තියක් (ඡායාරූප)

රෝගීන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම සහතික කිරීම සඳහා ප්‍රඥප්තියක් සකස් කිරීමට සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් පත් කළ අනුකාරක සභාවේ අවධානය යොමු ව තිබෙනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන පියස නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

රෝගීන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම සහතික කිරීම උදෙසා ප්‍රඥප්තියක් සැකසීම සඳහා වූ, සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් පත් කළ අනුකාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) උපුල්
ගලප්පත්තිගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස් වුණු අවස්ථාවේ දීයි මේ බව තීරණය කෙරුණේ.

එහිදී රෝගීන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම සහතික කිරීම උදෙසා සකස් කෙරෙන මෙම ප්‍රඥප්තිය වඩාත් ප්‍රයෝගික ව ක්‍රියාත්මක කළ හැකි අයුරින් සකස් කිරීමේ වැදගත්කම නිලධාරීන් විසින් අනුකාරක සභාවට පෙන්වා දුන්නා.

රෝගීන් වෙනුවෙන් පෙනී සිටිමින් කටයුතු කරන සියලු ම ආයතන කැඳවා මෙම නව ප්‍රඥප්තිය සැකසීමේ දී ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීමට ද අනුකාරක සභාවේ දී තීරණය කෙරුණා.

ඒ අනුව එම සියලු අදහස් හා යෝජනා ලබාගැනීමෙන් පසු රෝගීන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම සහතික කිරීම උදෙසා වූ ප්‍රඥප්තියේ අවසන් කෙටුම්පත සකස් කර ඉදිරිපත් කළ හැකි බවයි නිලධාරීන් අනුකාරක සභාවට දැන්වූයේ.

SOC Health Sub Committee 1
SOC Health Sub Committee 2
SOC Health Sub Committee 3
SOC Health Sub Committee 4
SOC Health Sub Committee 5
SOC Health Sub Committee 6
SOC Health Sub Committee 7
SOC Health Sub Committee 8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22