රෝගියෙක් බලන්න ගිය තරුණයින් දෙදෙනෙක්ට අතරමගදී දිවි අහිමි වෙයි

දඹුල්ල, හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතාහා ප්‍රදේශයේ ඊයේ (09) සවස සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

හබරණ දෙස සිට දඹුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් දඹුල්ල දෙසින් පැමිණි වැන් රථයක් සමඟ මුහුණට මුහුණට ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සිගිරිය පොලිසිය පවසනවා.

එම අනතුරෙන් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ මෙවර අ.පො.ස උසස් පෙළ සදහා පෙනී සිටින දඹුල්ල, රත්මල්ගහ ඇල පදිංචි වයස අවුරුදු 19ක ගිම්හාන ජයතිලක නම් නාවුල ශ්‍රී නාග මහා විදුහලේ ඉගනුම ලබන පාසැල් සිසුවෙක් සහ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20ක තවිදු චේතිය රත්නායක යන තරුණයෙක්.

යතුරුපැදියේ ගමන්ගත් ජිවිතක්ෂයට පත් පුද්ගලයන් දෙදෙනා ඊයේ (09) සවස 6.30 පමණ දඹුල්ල රෝහලේ රෝගියෙක් බැලීමට පැමිණීමේදී මෙම අනතුරට මුහුණපා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
9
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?