රෝගියක් රැගෙන යන අතරතුර ගිලන් රියක් අනතුරට

දෙනියාය රෝහලේ අසාධ්‍ය රෝගියෙකු රැගෙන මාතර බලා යමින් සිටි ගිලන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුවී තිබෙනවා.

මෙම අනතුරින් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නෙැමැති අතර ගිලන් රථයට දැඩි හානි සිදුවඇති බව පොලිසිය පවසනවා.

අනතුර සිදුවූ ස්ථානයට රැස්වූ ප්‍රදේශවාසීන් විසින් ගිලන් රථයේ රියදුරට පහරදීමට උත්සහ කර ඇති අතර එහිදී ඔහු ගිලන් රථය දමා පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ඔහු මොරවක පොලිසියට භාරවී තිබෙනවා.

වැඩිදුර පරීක්ෂණ මොරවක පොලිසිය මගින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?