රොෂාන් රණසිංහට මව්බිම ජනතා පක්ෂයේ සභාපතිකම – චන්නත් දිලිත්ට හේත්තු වෙයි (වීඩියෝ)

පසුගිය ජනාධිපතිවරණ ධුර අපේක්ෂක රොෂාන් රණසිංහ මහතා මව්බිම ජනතා පක්ෂය සමග එක් ව තිබෙනවා.

අද (02) පෙරවරුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙලෙස මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් විජේවීර මහතා සමග දේශපාලනික කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මව්බිම ජනතා පක්ෂයේ සභාපතිත්වය රොෂාන් රණසිංහ මහතාට පිරිනමා තිබෙනවා.

මහාචාර්‍යය චන්න ජයසුමන මහතා ද මව්බිම ජනතා පක්ෂය සමග එක් ව ඇති අතර ඔහු පක්ෂයේ උප සභාපති ලෙස පත් කෙරුණා.

ගම්පහ දිස්ත්‍රික්කයේ මිලාන් ජයතිලක ද මව්බිම ජනතා පක්ෂය සමග එක් ව ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ද මව්බිම ජනතා පක්ෂය අමග අත්වැල් බැඳගත්තා.

ඔහු මේ වනවිට මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායකවරයායි.

රොෂාන් රණසිංහ, මහාචාර්‍යය චන්න ජයසුමන යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සාමාජිකයන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
11
+1
0
+1
0
+1
2
+1
6
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?