රෙජිස්ටාර්වරයාගේ රාජාකාරියට බාධා කළ ව්‍යාපාරිකයෙක් රක්ෂිත බන්ධනාගාරයට 

හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයක් ක්‍රියාත්මක කිරිමට ගිය හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයාට සහ කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා කල ව්‍යාපාරිකයෙකු නොර්වුඩ් පොලිසිය මගින් (20) දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් එම්.ෆරුක්ඩින් මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු මේ මස (26) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නොර්වුඩ් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ පදිංචි මුනිදාස කලංසුරිය නැමති (56) හැවිරිදි දෙදරු පියෙකි.

සැකකරු හැටන් නගරයේ මුල්‍ය සමාගමකින් මුදල් ගෙවිමේ පදනම මත වාහනයක් ලබාගත් පුද්ගලයෙකුට ඇපකරුවෙකු වශයෙන් අත්සන් කර ඇති අතර, වාහනය මිල දි ගත් අය එම වාරික මුදල මුල්‍ය සමාගම වෙත ගෙවිම් පැහැර හැරිම නිසා එම මුල්‍ය සමාගම විසින් වාහනය මිල දි ගත් පුද්ගලයාට සහ ඇපකරුවන්ට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගෙන තිබුණි.

වාහනට මිල දි ගත් පුද්ගලයා අධිකරණය වෙත ඉදිරිපත් නොවු නිසා එම මුදල ඇපකරුගෙන් අය කර ගැනිමට හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබුණි.

එම නියෝගය අනුව ඇපකරුගේ දේපල තහනම් කිරිමට හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය සැකකරුගේ නිවසට ගිය අවස්තාවේ සැකකරු විසින් රෙජිස්ටාර්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයට (20) දින සිය රාජකාරියට බාධා කල බවට හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයා විසින් නොර්වුඩ් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත නොර්වුඩ් පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රත්වරයා වෙත ඉදිරිපත් කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00