ශ්‍රී ලංකාව හා සම්බන්ධ රූපලාවණ්‍ය තරගාවලි නියාමනය කිරීම සඳහා නීති රීති හඳුන්වා දීමට රජය තීරණය කර ඇති බවත් මෑතදී ඇති වූ විවාහක රූ රැජින මතභේදාත්මක සිද්ධියෙන් පසුව මෙම තීරණය ගෙන ඇති බවත් කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ඉංග්‍රිසි පුවත්පතකට අදහස් දක්වමින් කියා සිටිනවා.
ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරඟාවලිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි නියාමනය කළ යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී ඇති අතර මේ සම්බන්ධයෙන් පොදු එකඟතාවකට පැමිණීම සඳහා පෞද්ගලික සංවිධාන සමඟ සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් පවසන්නේ.
එමෙන්ම මෙරට නම භාවිතා කරමින් පවත්වනු ලබන ඕනෑම උත්සවයක් නිරීක්ෂණය කිරීම අත්‍යවශ්‍ය බවද එතුමා පැවසුවා.

ඔන්න අපේ රටේ දැවෙන ප්‍රශ්නයකට රජය මැදිහත් වෙලා නීති රීති ගෙන්න යන්නේ. මිනිස්සුන්ව ලීස් ගෙවා ගන්න බැරිව අසරණ වෙලා, ව්‍යාපාර කඩා වැටිලා, ස්වයං රැකියාවන් අහිමි වෙලා, කුලී කාරයන්ට කුලී නැහැ. උබර්. පික්මි වැනි ආයතන වාහන කරුවන්ව හුරාගෙන කනවා. බදු මිල අහස උඅසට යනවා, බොරු හාල් හිගයක් මැව්වා හාල් මෝල් කාරයෝ. දැන් සහල් මිල ඉහල ගියාට පස්සේ ඒ තිබ්බ සහල් හිඟය නැහැ. මිනිසුන්ට වෙල් තුන නොවේ එක වෙලකවත් කන්න විදිහක නැහැ . ඒවා ගැන අබ මල් රේණුවකවත් තැකීමක් නැති ආණ්ඩුව , මෙනන් මේ රටේ දැවෙන ප්‍රශ්නයක් වුනු රුප රාජිනි තරග වලට නියාමන ගෙන්න හදනවා . මුන්ගේ අ….ට