රූප රැජිණියක්වන කසුනිකා තම ජිවිතයෙන් වන්දි ගෙවන්න තීරණය කල හේතුව හෙලිවෙයි

2015 වසරේ ශ්‍රී ලංකා සංචාරක විවාහක රූ රැජිණ ලෙස කිරුළ දිනාගෙන Mrs Asia International Tourism තරගය නියෝජනය කළ 39 හැවිරිදි කසුනිකා මධුසංකානි වික්‍රමාආරච්චි මිල්ලවලගේ හදිසියේ සියදිවි නසාගෙන ඇති බවට සමාජ මාධ්‍ය පුවත් පළව තිබේ.
ඇයගේ වියෝව මුල්වරට සමාජ මාධ්‍ය වෙත හෙළි කර ඇත්තේ නිරුපණ තරඟ සංවිධායක විශ්ව පෙරේරාය. ඔහු තම ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබෙන්නේ ” උදේම නැගිටිද්දී අහන්න ලැබුනේ කසුනිකා ඔයා අපි හැමෝම දාලා යන්න ගිහින් කියලා. ඔයාට තව ටිකක් ඉවසන්න තිබුනා. ඒත් ඒ හැමදේටම දැන් පරක්කුයි.‘ යනුවෙනි.

කිසියම් පුද්ගලික කාරණාවක් මුල්කරගෙන ඇය ජීවිතය හැරගොස් ඇති නමුත් විස්තර ප්‍රසිද්ධ කර නැත.
කසුනිකා වික්‍රමආරච්චි ‘බ්‍රයිඩ්ස් බයි කේ‘ යනුවෙන් මනාලියන් හැඩගැන්වීමේ ව්‍යාපාරයක් කඩවත ප්‍රදේශයේ කරගෙන ගිය අතර නිරූපණ කටයුතු වලටද දායකවී සිටියාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?