රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ තනතුරට තිළිණ මධුශංක

ඓතිහාසික රුහුණු මහ කතරගම දේවාලයේ 13 වන බස්නායක නිලමේවරයා ලෙස ආරච්චිගේ තිළිණ මධුශංක අබේරත්න මහතා අද (09) තේරී පත් වුණා.

තිළිණ මධුශංක මහතා රුහුණු මහ කතරගම දේවාලයේ වැඩ බලන බස්නායක නිලමේවරයා ලෙස කටයුතු කළා.

ඒ, හිටපු බස්නායක නිලමේ වන ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාගේ නිල කාලය පසුගිය ඔක්තෝබර් 22 වැනිදායින් අවසන් වීමෙන් පසුවයි.

බස්නායක නිලමේ තතුර වෙනුවෙන් සුදුස්සෙකු තෝරාගැනීම වෙනුවෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් කේ.එම්.ජී. සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මොණරාගල දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ පැවති නිලවරණයේදී තිළිණ මධුශංක මහතා නිතරගයෙන් එම තනතුරට තේරී පත් වුණා.

තිළිණ මධුශංක මහතා මේ වනවිට දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස ද කටයුතු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?