රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ තනතුරට තිළිණ මධුශංක

ඓතිහාසික රුහුණු මහ කතරගම දේවාලයේ 13 වන බස්නායක නිලමේවරයා ලෙස ආරච්චිගේ තිළිණ මධුශංක අබේරත්න මහතා අද (09) තේරී පත් වුණා.

තිළිණ මධුශංක මහතා රුහුණු මහ කතරගම දේවාලයේ වැඩ බලන බස්නායක නිලමේවරයා ලෙස කටයුතු කළා.

ඒ, හිටපු බස්නායක නිලමේ වන ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාගේ නිල කාලය පසුගිය ඔක්තෝබර් 22 වැනිදායින් අවසන් වීමෙන් පසුවයි.

බස්නායක නිලමේ තතුර වෙනුවෙන් සුදුස්සෙකු තෝරාගැනීම වෙනුවෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් කේ.එම්.ජී. සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මොණරාගල දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ පැවති නිලවරණයේදී තිළිණ මධුශංක මහතා නිතරගයෙන් එම තනතුරට තේරී පත් වුණා.

තිළිණ මධුශංක මහතා මේ වනවිට දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස ද කටයුතු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩී.වී චානක නාමල්ගේ වේදිකාව දෙවනත් කරයි
08:14
Video thumbnail
ගමින් ගමට යන ජනාධිපතිට නාමල් සැරටම කිව්ව දේ..
09:54
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55