රුසියාවේ ප්‍රබල භූකම්පනයක්

රුසියාවේ පෙරදිග කම්චැට්කා කලාපයේ වෙරළ තීරයට ආසන්නව අද (20) පෙරවරුවේ ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙනවා.

මෙම භූකම්පනය රික්ටර් මාපකය 6.6ක අගයක් ගෙන තිබූ බවයි ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය වාර්තා කරන්නේ.

භූකම්පනය පොළව මතුපිට සිට කිලෝමීටර් 20ක් ගැඹුරින් සිදුව ඇති අතර භූකම්පනය මුලින් වාර්තා වී රික්ටර් මාපකය 6.2ක් ලෙසයි.

භූකම්පනයෙන් පසු එම ප්‍රදේශ ආශ්‍රිතව සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමටද පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?