රුසියානු ජනාධිපති චීනයේ සංචාරයක

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අද (16) අලුයම චීනයේ බීජිං අගනුවර වෙත පැමිණියා.

මෙහිදී අමෙරිකා එක්සත් ජනපදයේ බලවත්ම භූ දේශපාලනික ප්‍රතිවාදීන් දෙදෙනා චීනය සහ රුසියාව අතර සබඳතා තවදුරටත් තර කර ගනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය 2022 වසරේදී පුටින් යුක්‍රේනයට හමුදා යැවීමට පෙර චීනයේ සිදු කළ සංචාරයේදී චීනය සහ රුසියාව ‘සීමා රහිත’ හවුල්කාරිත්වයක් ප්‍රකාශ කළා.

පසුගියදා තවත් අවුරුදු හයක කාලසීමාවක් සඳහා රුසියානු ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව පුටින් සිදුකරන පළමු විදේශ සංචාරයද මෙයයි.

ඒ තුළින් රුසියානු ජනාධිපතිවරයා ඔහුගේ ප්‍රමුඛතා සහ චීන ජනාධිපති ෂී ජින්පින් සමග ඔහුගේ පෞද්ගලික සබඳතා පිළිබඳ පණිවුඩයක් ලොවට ලබාදෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රුසියානු ජනාධිපතිවරයාගේ සංචාරයේදී දෙරටේ නායකයින් අතර ද්විපාර්ශවික සාකච්ඡා අද පැවැත්වීමට නියමිතයි.

මෙම සංචාරයට රුසියාවේ ප්‍රබල ව්‍යාපාරිකයින් මෙන්ම පුටින්ගේ අලුතින් පත් වූ ආරක්ෂක අමාත්‍ය අන්ද්‍රේ බෙලෙව්සොව් මෙන්ම විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්ද එක්ව සිටිනවා.

රුසියානු ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ 71 හැවිරිදි පුටින් සහ 70 හැවිරිදි ෂී, 1949 වසරේදී මාඕ සේතුං විසින් ප්‍රකාශයට පත් කරන ලද මහජන චීන සමූහාණ්ඩුව සෝවියට් සංගමය පිළිගෙන වසර 75 ක් සපිරෙන උත්කර්ෂවත් උත්සවයකටද සහභාගී වීමට නියමිතව තිබෙනවා.
චීනයට පැමිණි පුටින් ජනාධිපතිවරයා එරටදී උණුසුම් අයුරින් පිළිගැනුණු අතර ටියැන්නෑම් චතුරස්‍රය රුසියානු සහ චීන ධජවලින් සරසා තිබූ අතර ආරක්ෂාවද තර කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?