රුසියානු ජනාධිපති චීනයේ සංචාරයක

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අද (16) අලුයම චීනයේ බීජිං අගනුවර වෙත පැමිණියා.

මෙහිදී අමෙරිකා එක්සත් ජනපදයේ බලවත්ම භූ දේශපාලනික ප්‍රතිවාදීන් දෙදෙනා චීනය සහ රුසියාව අතර සබඳතා තවදුරටත් තර කර ගනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය 2022 වසරේදී පුටින් යුක්‍රේනයට හමුදා යැවීමට පෙර චීනයේ සිදු කළ සංචාරයේදී චීනය සහ රුසියාව ‘සීමා රහිත’ හවුල්කාරිත්වයක් ප්‍රකාශ කළා.

පසුගියදා තවත් අවුරුදු හයක කාලසීමාවක් සඳහා රුසියානු ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව පුටින් සිදුකරන පළමු විදේශ සංචාරයද මෙයයි.

ඒ තුළින් රුසියානු ජනාධිපතිවරයා ඔහුගේ ප්‍රමුඛතා සහ චීන ජනාධිපති ෂී ජින්පින් සමග ඔහුගේ පෞද්ගලික සබඳතා පිළිබඳ පණිවුඩයක් ලොවට ලබාදෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රුසියානු ජනාධිපතිවරයාගේ සංචාරයේදී දෙරටේ නායකයින් අතර ද්විපාර්ශවික සාකච්ඡා අද පැවැත්වීමට නියමිතයි.

මෙම සංචාරයට රුසියාවේ ප්‍රබල ව්‍යාපාරිකයින් මෙන්ම පුටින්ගේ අලුතින් පත් වූ ආරක්ෂක අමාත්‍ය අන්ද්‍රේ බෙලෙව්සොව් මෙන්ම විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්ද එක්ව සිටිනවා.

රුසියානු ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ 71 හැවිරිදි පුටින් සහ 70 හැවිරිදි ෂී, 1949 වසරේදී මාඕ සේතුං විසින් ප්‍රකාශයට පත් කරන ලද මහජන චීන සමූහාණ්ඩුව සෝවියට් සංගමය පිළිගෙන වසර 75 ක් සපිරෙන උත්කර්ෂවත් උත්සවයකටද සහභාගී වීමට නියමිතව තිබෙනවා.
චීනයට පැමිණි පුටින් ජනාධිපතිවරයා එරටදී උණුසුම් අයුරින් පිළිගැනුණු අතර ටියැන්නෑම් චතුරස්‍රය රුසියානු සහ චීන ධජවලින් සරසා තිබූ අතර ආරක්ෂාවද තර කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14