රුවන්වැලි සෑයේ චූඩා මාණික්‍යය ගැන කළ ප්‍රකාශයකට එරෙහි ව නීතිපති අධිචෝදනා ගොනු කරයි

අනුරාධපුර රුවන්වැලි මහා සෑයෙහි චූඩා මාණික්‍ය හා එම චූඩා මාණික්‍යයේ පාදමෙහි ඔබ්බවා තිබූ මැණික් ගල් ගලවා ඉවත්කර ඒ වෙනුවට ව්‍යාජ චුඩා මාණික්‍යයක් හා ව්‍යාජ මැණික් ගල් ඇතුළත් කර ඇති බවට යූ ටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ පැවති වැඩසටහනක දී අදහස් ප්‍රකාශ කළ බව කියන අනුජ රෂන්ත ජයසිංහ නමැත්තෙකුට එරෙහි ව නීතිපතිවරයා ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙනවා.

2022 මැයි මස 1 දින සිට එම වසරේ මැයි මස 31 වන දින කාලය අතරතුරදී “Truth With Chamuditha” නමැති යූටියුබ් සමාජ මාධ්‍ය වැඩසටහනක දී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙනුයි නීතිපතිවරයා චූදිතයාට එරෙහි ව අධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇත්තේ.

එම චූඩාමාණික්‍ය හා එහි පාදමේ ඔබ්බවා තිබූ මැණික් ගල් ගලවා ඉවත් කිරීම නිසා ශ්‍රී ලාංකික පුරවැසියන් හට ආර්ථික සමාජයීය අර්බුදයන්ට මුහුණපෑමට සිදු ව ඇති බවත්, මෙම ක්‍රියාවට එවකට මෙරට ජනාධිපතිවරයා ව සිටි ගෝඨාභය රාජපක්ෂ වගකිව යුතු බව ප්‍රකාශ කරමින් ඔහු අසත්‍ය ප්‍රකාශයක් කර ඇති බව ද එම අධිචෝදනා පත්‍රය මගින් පෙන්වා දී තිබෙනවා.

මෙම ක්‍රියාවට එවකට රුවන්වැලි සෑයේ ප්‍රධාන සංඝනායක පල්ලේගම සිරිසුමන රතනපාල හේමරතන හිමි වගකිවයුතු බවයි විත්තිකරු ප්‍රකාශ කර උන්වහන්සේට ද නින්දා කර ඇති බව ද එම අධිචෝදනා පත්‍රයේ සඳහන්.

එම වැඩසටහන නරඹනු ලබන ප්‍රේක්ෂකයන් ලවා මහජන සාමය කඩ කිරීමේ අරමුණෙන් ඔවුන් ප්‍රකෝප කිරීමේ අදහසින් හෝ එබන්දක් සිදු විය හැකි බව දනිමින් ඔහු මෙම ප්‍රකාශය කර ඇති බව ද එම අධිචෝදනා පත්‍රය මගින් පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ හැඟීම් ඇවිස්සීම හෝ ඇවිස්සීමට තැත් කිරීම ප්‍රේක්ෂකයින් ප්‍රකෝපයට පත් කිරීම මෙරට දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ හා 490 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් විත්තිකරුට එරෙහි ව නීතිමය පියවර ගන්නා ලෙස ද රජයේ අධිනීතිඥ ශක්ති ජාගොඩආරච්චි එම අධිචෝදනා පත්‍රය ගොනුකරමින් අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
03:48
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු බස් අනතුරෙන් 4 දෙනෙකුට දිවි අහිමිවෙයි..40කට තුවාල..මෙන්න එහි නවතම දර්ශන
01:03
Video thumbnail
🔴Breaking News
01:30
Video thumbnail
සපිරි ගමක් කරන්න අපි ආවේ සුපිරි වැඩක් කරලා වැඩේ අවසන් කරනවා..තියෙනවා තමයි මාස ගණන්වලට තෙල්
03:54
Video thumbnail
ශානිටයි රවීටයි සුගීෂ්වරගෙන් සැර සත්තමක්..ප්‍රබන්ධනශූරි ශානි ලස්සන කතාවක් ගොතලා..
04:02
Video thumbnail
Praharaya | හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:30:10
Video thumbnail
තිරප්පන ප්‍රා.සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්.."හුන්ඩුව ඇතුළේ සේරුවලින් හොරකම් කරනවා.."
15:12
Video thumbnail
ජනපතිට බැනලා හරියන්නේ නෑ..මෙයාලට අයිති පෙට්‍රල් ළිං නෑනේ..QR එක ඇත්තටම හොඳයි
02:28
Video thumbnail
කෝටි දෙකහමාරකට අධික ගංජා වගාවක් වටලයි..කොහොමද සරුවට හැදිලා තියෙන හැටි
01:22
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝළිම්..දැන් එක දවසක ග#න තෙල් කළින් ගැ#වේ දවස් තුනකට
03:21