රුබිකොන් නදිය තරණය කළ පසු ආපසු හැරෙන්න බෑ – නීතිඥ සාලිය පීරිස්ගෙන් විශේෂ සටහනක්

හිටපු ජනධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සිය නිල ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබා තිබෙනවා.

එහි සටහන් කර ඇත්තේ, ක්‍රිස්තු පූර්ව 49දී ගෝල්හි ආණ්ඩුකාරවරයා වූ ජුලියස් සීසර් රුබිකන් නදිය තරණය කිරීම ගැන ගතං තීරණය පිළිබඳවයි.

නීතිඥ සාලිය පීරිස් තැබූ සටහන පහතින්.

රුබිකන් තරණය:
ක්‍රි.පූ. 49 ජනවාරි මාසයේදී, ගෝල්හි ආණ්ඩුකාරවරයා වූ ජුලියස් සීසර්, රෝමයේ සෙනෙට් සභාවේ නියෝග නොතකමින්, තම හමුදාව සමඟ රුබිකන් නදිය තරණය කළේය.
රුබිකන් නදිය තරණය කළ පසු ආපසු හැරීමේ හැකියාවක් නොවීය. එය නොආපසු හැරෙන සීමාව විය.
එහි ප්‍රතිඵලය වූයේ සිවිල් යුද්ධයක් වන අතර, අවසානයේ ජුලියස් සීසර්ගේ ජයග්‍රහණයෙන් එය නිමා විය. මෙම සිදුවීම විසින් “රුබිකන් තරණය” හෝ “ආපසු හැරෙන සීමාව තරණය” යන යෙදුම බිහි කළේය.
දේශපාලනයේ හෝ පාලනයේ ඇතැම් මොහොතවල් “රුබිකන් තරණය” හෝ නොආපසු හැරෙන සීමාව ලෙස හැඳින්විය හැක. එවැනි තීරණ ප්‍රඥාවෙන් යුතුව රටේ දිගුකාලීන අභිලාෂයන් සැලකිල්ලට ගනිමින් මහත් සැලකිල්ලෙන් යුතුව ගනු ලබන තීරණ විය යුතුය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
37
+1
1
+1
18
+1
8
+1
2
+1
6
+1
7
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?