ස්වභාවික විපත් හේතුවෙන් බාධා එල්ල වූ ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව සම්මත කිරීම සඳහා වන විවාදය අද (19) පාර්ලිමේන්තුවේ දී පැවැත් වෙනවා.
ඒ, අනුව පාර්ලිමේන්තුව අද (19) පෙරවරු 9.30 ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි.
පරිපූරක ඇස්තමේන්තුව සම්මත කර ගැනීම සඳහා වන විවාදය පෙරවරු 10:00 සිට පස්වරු 5:30 දක්වා පැවැත්වෙන අතර ඉන් පසුව ඡන්ද විමසීම පැවැත්වෙනවා.
අදාළ පරිපූරක ඇස්තමේන්තුව ඊයේ (18) දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව විසින් ද පරිපූරක ඇස්තමේන්තුව අනුමත කරනු ලැබුවා.
ව්‍යසනයෙන් පසු රටේ වත්මන් තත්ත්වය පිළිබඳ කල් තැබීමේ විවාදයක් ද ඊයේ (18) දිනයේ පැවැත් වුණා.





