බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව සම්මත කර ගැනීම සඳහා වන විවාදය අද

ස්වභාවික විපත් හේතුවෙන් බාධා එල්ල වූ ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව සම්මත කිරීම සඳහා වන විවාදය අද (19) පාර්ලිමේන්තුවේ දී පැවැත් වෙනවා.

ඒ, අනුව පාර්ලිමේන්තුව අද (19) පෙරවරු 9.30 ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි.

පරිපූරක ඇස්තමේන්තුව සම්මත කර ගැනීම සඳහා වන විවාදය පෙරවරු 10:00 සිට පස්වරු 5:30 දක්වා පැවැත්වෙන අතර ඉන් පසුව ඡන්ද විමසීම පැවැත්වෙනවා.

අදාළ පරිපූරක ඇස්තමේන්තුව ඊයේ (18) දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව විසින් ද පරිපූරක ඇස්තමේන්තුව අනුමත කරනු ලැබුවා.

ව්‍යසනයෙන් පසු රටේ වත්මන් තත්ත්වය පිළිබඳ කල් තැබීමේ විවාදයක් ද ඊයේ (18) දිනයේ පැවැත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32